Sunday, August 8, 2010

මේ කියන්න යන්නේ කාගේත් හිතට හිතන්න දෙයක් ඉතුරු කළ දෙයක් ගැන. ඒ වගේම ඔයාලටත් මේ ගැන විවෘත අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද සමාජයේ කොයි තරම් නම් ඉතාමත්ම සාමාන්‍ය දේවල් වලට පවා නොලැබෙන සමානාත්මතාවක් තියෙනවද කියලා හිතන්න ඕනේ තැනක්.

මාතෘකාවේ තියෙන හැටියට මේක හරකෙක් ගැන විස්තරයක්. මට දකින්න ලැබුණු හිතට දුකක් ඇති කරපු සිදුවීමක්. නමුත් කිසිම අනතුරක් ගැන නම් නෙවෙයි. අනතුරකට පත් වුණ සතෙක් නිසා මිනිසුන්ගේ මානසික ස්වභාවයන් වෙනස් වුනු සිදුවීමක්.

පසුගිය දිනයකදී මම මගේ ඉගෙනීම් කටයුතු ඉවර කරලා හවස් යාමයේදී නිවස බලා එන අතරතුරදී මම පදිංචි ප්‍රදේශයේ මහ පාරේ මඳක් වාහන වැඩි ප්‍රමාණයක් එහා මෙහා යාමත් වැඩි වෙලයි තිබුණේ. කොටින්ම පාර පනින්න බලන් ඉන්න කෙනෙකුටවත් පාර පනින්න ඉඩක් දෙන්න වාහන වල උදවිය හිතුවේ නෑ.

මේ අතරතුරේදී තමයි ඔය කියන සිදුවීම වුනේ. එක හරකෙක් පාර පනින්න පාර අයිනට ආවා. හැබැයි ඒ හරකා සාමාන්‍ය හරකෙක් නෙවෙයි. වෙනස නම් තිබුණේ කකුල් තුනක් විතරයි. එක කකුලක් කළව ප්‍රදේශය ගාවින් ගැලවිලා ගිහින් තිබුණේ. නමුත් මේ දේ බොහෝම කාලයකට උඩදී සිදු වුන දෙයක්. ඒ කියන්නේ ඒ හරකා සුව තත්ත්වයක හිටියේ. මේ සතාත් පාර පනින්න පාර අයිනට අවිල්ලා පාර හරහා ඇවිද ගෙන ගියා.

පුදුමේ කියන්නේ මිනිහෙක්ටවත් පාර පනින්න වාහන නොනවත්වපු උදවිය දැන් අර සතා නිසා වාහන නවතල බලාගෙන ඉන්නවා. කොටින්ම වාහනයේ නලාවක්වත් නාද නොකර. මේ සතා බොහෝම අමාරුවෙන් නොන්ඩි ගගහා කකුල් තුනකින් පාර පැනලා අහවර වෙනකන්ම අර මිනිසුන් වාහන වලින් ඉඩ දීල බලාගෙන හිටියා. ඒ විතරක්ම නෙවෙයි, නවතන් හිටි වාහන ආයෙත් ගමන් ආරම්භ කරාම හැරි හැරී අර සතා දිහා බලමිනුයි ගියේ.

ඇත්තෙන්ම කෙනෙක් ආබාධයකට ලක් වෙලා අසරණ භාවයට පත් විය යුතුමද ඒ කෙනා ගැන යමක් සිතන්න? මේ ප්‍රශ්නෙට මම පිළිතුරු සොයනවා. අද කාළයේ මිය ගිය කෙනෙක් ගැන ගුණ වර්ණනා පවා සිදු වෙන්නේ ජීවත්ව සිටි කාලයට වඩා මිය ගිය පසු නේ. කෙනෙක්ට එදා ඒ සතාගේ කකුලට වග කියන්න සිදු වුනේ නැති නම් මේ සිදුවීම සිද්ධ වෙන මොහොතේ කී දෙනෙක් නම් ඒ සතාට වාහන වල නලාවලින් හේවිසි පූජා පවත්වන්න තිබ්බද?

අපි අසරණ විය යුතුමද කෙනෙක්ගේ අවධානය දිනා ගන්න? නැතිනම් අපි විහිළුවකට හෝ ලැජ්ජා වීමකට භාජනය විය යුතුමද සමාජයේදී උපකාරයක් ලබන්න? අපිට මේ සමාජයෙන් දෙයක් ඉබේම ලැබෙනවා නම් ඒ අසරණ වුනොත් ලැබෙන අනුකම්පාව හෝ නිකරුනේ ලබන අපහාසයන් විතරමද? මෙන්න මේ ප්‍රශ්න මත ඇති වුනා.

ඒ සිදුවීම එදා පාරේ සහ වාහන වලින් ගමන් කරපු අයගේ හිත් වලට හිතන්න යමක් ඉතුරු කරන්න ඇති. නමුත් ඒ සතා මේ තාක් කලක් කකුල් තුනකින් ඒ ප්‍රදේශයේම සැරි සරමින් ජීවත් වුනු බව දැක්කත් නොදැක්කා වගේ ගීය අය නම් කොපමණ ඇත්ද? මේ වගේ සිදුවීම් ගැන හිතන්න ඔයාලටත් ඉඩක් තියෙනවා. ඒ ගැන අදහසුත් ඉදිරිපත් කරන්න පුළුවන්.

සමාවෙන්න ඕනේ, මට ඒ සිදුවීමේ රූපයක් ගන්න නම් බැරි වුණා. ආයෙත් ඒ සතාව දැක්කොත් අනිවාර්යෙන්ම රූපයක් අරගෙන ඔයාලටත් පෙන්නන්නම්කෝ.
මගේ කලින් ලිපියට ලැබුණු අදහස් වෙනුවෙන් මේ ලිපිය ලියන්න මම තීරණය කරා. මොකද මේ ලිපියේ මාතෘකාව අද සමාජයට බෙහෙවින් කතා බහට ලක් විය යුතු කාරණාවක් නිසා. සියල්ලන්ගෙන් ම අංග සම්පූර්ණ මිනිසුන් මේ ලෝකේ නැත. එම කරු අප හැම දෙනාම දන්න කාරණයක්. ඒ නැති, අංග සම්පූර්ණත්වය ලබා ගැනීමට හෝ ලඟා කර ගැනීමට ධර්මය හෝ තම තමන්ගේ ආගම ලබා දෙන්නේ මනා පිටිවහලක්. විවාහය වෙනුවෙනුත් එසේමයි. සමාජයේ මූලිකම පුරුක කුඨුම්භය බව ඔයාලා දන්නව නේ. පවුලේ තියෙන ගිනි පිටත යැවීම සහ, පිටත ගිනි ඇතුලට ගැනීම පවුලක සමගිය, සතුට පිරිහිලා යන්න හේතු කාරණා වෙන්න පුළුවන්. ධර්මය නිසි ලෙස ජීවිතයට උකහා ගැනීමට සුදුසු බුද්ධියක් අපි හැමෝම සතුයි. මන්දයත් අපි මානසිකව සහ බුද්ධියෙන් හිඟ ආබාධ වලින් තොර වාසනාවන්ත මිනිස් ජීවයක් ලබා සිටින නිසා.

මේ සම්බන්ධයෙන්, ඒ කියන්නේ විවාහයක බිඳී යාම පිළිබඳව අසන්නට ප්‍රශ්න කීපයක් තියෙනවා වගේම ඒ ප්‍රශ්න වලට පිළිතුරුත් සෙවිය යුතු වෙනවා. ධර්මයේ නිසි ලෙස හැසිරෙනවා නම් පවුල් සංස්ථාව අසාර්ථක වෙන්න විදියක් නැහැ නේද? දික්කසාද වෙන්න ඕනෙත් නෑ නේද? සෝවාන් වුණු කෙනෙකුට පවා පවුල් ජීවිතයක් ගත කිරීම අකැප නැහැ. ඒ බව බුද්ධ චරිතයේ කතා වලදිත් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. එහෙනම් ඇයි මේ බෞද්ධ රටේ, දික්කසාදය දැන් ඇඳුම් මාරු කරනවා තරමට සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ?

අවුරුදු ගා
ක් ආදරේ කරලා විවාහ වුනාට පස්සේ දික්කසාද වෙන්න තියෙන එකම හේතුව, දෙන්නට දෙන්නා නොගැලපී ලෝකෙට පේන්න බොරු ආදරයක් පෙන්නන් ඉන්නවට වඩා දික්කසාද වෙන එක හොඳ වීම විතරක්ම නෙවෙයි නේද? මේවට හේතු බොහෝමයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අනියම් සබඳතා, හොර සිතුවිල්ලෙන් (මුදල් වලට ආසාවෙන්) විවාහ වීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මත නම් අනිවාර්යෙන්ම දික්කසාද වෙන එක එකට ඉන්නවාට වඩා වටිනවා. ඒත් තියෙන ප්‍රශ්නේ ඇයි අපි දික්කසාදයක් සාධාරණීකරණය කරන්නේ කියලා? එහෙම බැලුවොත් පිටරටක සංස්කෘතියෙයි, ලංකාවෙයි කිසිම වෙනසක් නැති වෙනවනේ.

කෙනෙකුගේ ජීවිතයේ වටිනම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. රබන්, බෙර ගහලා, සද්දෙට උජාරුවට, උත්සවශ්‍රීයෙන් හැමෝම විවාහයක් ගන්නේ පසු කාලෙක දික්කසාද වෙන්නද? පවුල් සංස්ථාවේ ප්‍රශ්න උසාවියට දෙන යාම ම ගෙයි ගිනි පිටතට දීමක් නෙවෙයි ද? මම කොයියම්ම මොහොතකවත් කියන්නේ නෑ නොගැලපීම් තියෙද්දීත් එකට ඉන්න කියලා. හැම දෙයක්ම වෙනස් වෙන බව ඇත්ත. ඒත් ඒ වෙනස් වීම් වලට ඔරොත්තු දෙන දිවි පැවැත්මක් අපි හදා ගන්න ඕනේ. මොකද නැත්නම් අපිත් සුද්දෝ ගාණට වැටෙන නිසා. ඒකයි මම කිව්වේ ආගම ධර්මයට අනුව හැසිරෙනවා නම් ඕනෙම ප්‍රශ්නයක් නිරාකර
ය කර ගන්න පුළුවන්ය කියලා. මොකද එයින් ලැබෙන යහපත පවුලක් විනාශ මුඛයෙන් ගලවා ගන්නට උදව්වක් වෙනවා. නැත්නම් බුදු දහම කියන්නේ නොගැලපෙන දෙන්නෙක්ට වෙන් වෙන්න උදව් කරන දහමක්වත්, ගැලපෙන අය එකතු කරන දහමක්වත් නෙවෙයි. ඒ දහම කාටත් පොදුයි. ඒ පොදු, විවෘත කම නිසාම ඕනෙම කෙනෙක්ට තමන්ගේ ජීවිත සාර්ථක කර ගන්න ඒ ධර්මයේ සඳහන් වෙන දේවල් ජීවතයට එකතු කර ගන්න පුළුවන්.

ඕනෙම කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒත් ඒ දේ තමන්ටත් වු
නු දාට ගන්න තීරණය මොකක් වුනත් ඒකෙන් තමන්ට සිද්ධ වෙන ලාභ, පාඩු දෙක ගැනම හොඳ අවදානයකින් සිටිය යුතු වෙනවා. අපි විවාහ වෙන්නේ ගෙදරට වෙලා තනියම ඉන්න බැරි කමටම නෙවෙයි. අඩු තරමින් මැරෙන මොහොතෙදි වතුර ටිකක් පොවනන්ට හරි බිරිඳක්, දරු මල්ලෙක් සිටිය යුතුයි. තනිව සිටින කෙනෙක් විවාහ වෙන්නේ ඔය ටික වෙනුවෙන් විතරක් නෙවෙයි. අපේ දෙමව්පියෝ ඔයිට වඩා දරුණු රණ්ඩු සරුවල් ඇති කරගෙන නැතුව නෙවෙයි. ඒ වගේමයි, බීලා හතර ගාතෙන් එන මිනිසුන් ඉන්න පවුලක් වුණත් වෙන් නොවී ජීවත් වෙන්න හේතු රාශියක් තියෙනවා. දික්කසාද වුනු ගැහැණු හෝ පිරිමි හෝ වේවා ඒ අයට සමාජයෙන් ලැබෙන සැලකීම ටිකක් අඩුයි කියලායි මම හිතන්නේ. හිතන්න ටිකකට දික්කසාද වුනු කෙනෙක්ව ඔයාලගේ තවත් නෑයෙක් විවාහ කර ගත්තාය කියලා. ඔයාලගේ කටින් හෝ ඔයාලගේ මව්පිය, නෑදෑයොන්ගේ කටින්,

"අනේ ඇත්තද? අනේ පව් ඒ කෙල්ල / කොල්ලා."
"හොඳ තැනකින් කසාදයක් කර ගන්න තිබ්බා නේ?"
"අ
නේ අර කෙල්ල / කොල්ලා දැන් තනි වෙලා අසරණ වෙලා ඇත්තේ."
"ඒ වගේ හොඳ කෙල්ලෙක් / කොල්ලෙක් ඔය පවුලට ආයෙත් හම්බ වෙන්නේ නෑනේ."

කියලා කියනවා කවදාවත්ම ඇහිලා නැතිද? මේ වගේ දේවල් ඇහිලා නැත්නම් අඩුම තරමේ ටෙලි නාට්‍යයකින්වත් ඇහිලා නැත්ද? සමහර විට කෙනෙක්ට සැබෑ අත්දැකීමක් තමන්ටම හෝ නෑයෙක්ට වෙනකම් මේ වගේ දේවල් ගැන අවබෝධයක් ලැබෙන්නේ බොහෝමත්ම කලාතුරකින්.

නීතීඥවරයෙක් වුනත් වෙන් වෙන දෙදෙනෙකුගේ හේතුව හොඳින් විමර්ශනය කරලා වෙන් නොකර ඉන්න මගක්, උපදෙසක් දෙනවා හැරෙන්න මුදල් පසු පස හඹා ගිහින් ලැබෙන හැම දික්කසාද නඩුවක්ම සාර්ථකව නිම කරලා පවුල් දෙකක් විසුරුවන තීරණයක් නොදෙන්න උත්සාහ ගන්නවා නම් ඇත්තෙන්ම හොඳ දෙයක්.

දික්කසාදයක් කියන්නේ කසාදය දික් කර ගැනීමක් මිසක් වෙන් කිරීමක් නොවිය යුතුයි. හරියටම කියනවා නම් කසාදයක් කඩා බිඳ හෙලීම "ඩිස්-කසාදයක්" කීව්වා නම් වඩාත් ගැලපෙනවා. මොකද
එතැනදී කසාදය DISMISSAL කරන නිසා.

මම මේ ලිපියෙන් දෙන්න උත්සාහ කරන අදහස තමයි, තමන්ට සුදුසුය කියලා මුලින් හිතිලා පස්සෙ වෙන් වෙන්න සිද්ධ වෙන සහකරුවො සහකාරියො තමන්ගේ ජීවිත වලට එකතු කර නොගෙන ඉන්නවා නම් තම තමන්ගේ ගෞරවය තව දුරටත්
ජීවිත කාලයේදීම රැකේවි. දෙවෙනි විවාහයක් කර ගන්නවාට වඩා පලමු විවාහයම සුන්දර අත්දැකීමක් කර ගෙන මුළු ජීවිත කාලයම තමන්ගේ සහකරු / සහකාරිය සමග සතුටින් ආදරෙන්, දරු මල්ලනුත් හදා වඩා ගෙන ඉන්න ලැබෙනවා නම් ඒ ගැන සිහින මවන ගොඩක් දෙනා මේ ලිපිය කියවනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සිහිනය ජීවිතාන්තය දක්වාම සැබෑවක් කර ගන්න පුළුවන් කමක් අපි අපේ ජීවිත වල ගොඩ නගා ගත යුතුයි.

හැඟීම් හෝ මුදල් පසු පස හඹා යනවා
වඩා දෙදෙනෙකු අතරේ අන්‍යෝන්‍ය සබඳතාව වර්ධනය කරගෙන හැම ප්‍රශ්නයකටම හොඳින් මුහුණ දෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කර ගැනීම වෙන් වෙනවාට වඩා වටිනවා නේද? පසුවට පසුතැවිලි නොවන්න හොඳ තීරණයක් මුලදීම ගන්න අපි හැමෝම තීරණය කරන්න ඕනේ. ඒකයි මගේ අදහස.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.