Monday, November 19, 2018

Drop the political view you have been carrying over your head for generations and your parents have implanted on you. The longer you see things through a coloured spectacle, the more you and this entire country suffer the consequences of illogical and irrational decisions you take towards your own benefit, say your belly and bellies waiting to be fed. Learn to accept the reality based on evidences and through logical analysis. Loosen the clasp you have set on politicians and parties. Because neither of which has proven evidently that they are capable of filling anyone's table for dinner.
Don't be a proud culprit of pushing this whole nation towards one burning hell, which you have been repeating for years, may be decades, as a result of blindly following a pointless political view. Plenty of similar examples can be dug up from the recent past, which supplement this scenario, and for doing so you have paid the price anyway. If people are the ultimate entity that pays for it, then there is no use cheering for 225 members who keep wasting the country's resources. Your stupid devotion is their food.
However it is evident with great enthuse, your poor and lame thinking has always been looking forward to feed the justification of thousands of wrongs, weighing more on some positive deeds done by politicians in the past. Generations past, this has now settled deeply in the blood in such a way where you see blacks as whites, and nobody bothers to change it while expecting a true change. Sri Lanka doesn't require the expertise in politics for which has done nothing much so far throughout the span of 70 years. It's high time this country as one must work together for re-establishing and strengthening its core pillars that holds the nation; democracy, economics and law and order, and to appoint a leader followed by a productive crew to make sure the country moves forward with dignity and prosperity.
Remember, "when the country runs backwards, despite who rules it, it drags you with it". It is time to take grounded decisions and valid actions to end this cycle of transferring power between two parties as per your personal interest. Your personal interest is not everyone's cup of tea. Therefore on social media networks as well as in real life, behave like educated humans being who have a brain. At the end of the day there is nothing to be proud of looking at the idiots in the parliament. It represents you and your idiocy. Therefore in the next term, if you remain to select at least 100 people out of those who raise hell inside the parliament, you make sure this country will stay doomed for eternity.

Thursday, December 21, 2017

සිංහල භාෂාව ද මියැදෙන්නේ වර්තමානයේ වසංගතයක් සේ ව්‍යාප්ත වී ඇති නිශ්ඵල ප්‍රවණතා වලින් විය හැක. මන්ද යත් වර්තමානයේ දී විවිධාකාර වූ විද්‍යුත් සහ ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ පවා විලාසිතාවකට මෙන් භාෂාව මරා හසුරුවන පිරිසක් බිහි වී සිටීමත් එවන් පුද්ගලයන්ගේ භාෂා විලාසය පමණක් නොව එලෙස විකෘති කළ භාෂාව පවා අනුගමනය කරන පිරිස් ද වසංගතයක් සේ ඉහළ යමින් පැවතීමත් ය. මේ නිසා නුදුරු අනාගතයේ දී විකෘති වූ සිංහලක් සාමාන්‍යකරණය වී පොදු ව්‍යවහාරික භාෂාව බවට පත් වී කෘත්‍රිමව පරිණාමනයකට බඳුන් වනු ඇත. කාලයත් සමග භාෂාව ද පරිණාමනය වේ. නමුත් අවිචාරවත් අසික්ෂිත පරිණාමනයකට මග නොපෑදිය යුතුය. අද බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති, සැණෙන් එළියට පනින බොහෝ වචන මෙලෙස විකෘති කරන ලද භාෂා විලාසයන් වී ඇත. ඉන් බහුතරයක් ටෙළි නාට්‍ය, සමාජ ජාල, සහ ජනප්‍රියත්වය, විනෝදය සහ මුදල් තකා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ පළ කරන ඈයන්ගේ මාර්ගයෙන් සිදු වී ඇත; සිදු වෙමින් පවතී. මේවා ඉවක් බවක් නැතිව ඇසෙන පළියට භාරගෙන දෛනික ව්‍යවහාරයේ යෙදවීමෙන් නොදකින විනාශයක් භාෂාව පසින් සිදු වෙමින් පවතී.

මීට සරිලන හොඳම උදාහරණය නම් "එළකිරි" යන භාවිතයයි. අද බොහෝ පිරිස් මේ වචනය භාවිතා කරන්නේ එහි අදාල තේරුම ඉස්මතු කිරීමට නොව "නියමයි", "මරු", "හරි" ආදී වචන භාවිතා කළ යුතු අවස්ථාවන් වලදීය. තවත් මෙලෙස සමාජගත වී ඇති වචන බෙහෙවින් ඇත. කුණුහරුප ද අද නව්‍යකරණය වී කිසිදු විළි ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ පවා භාවිතා කළ හැකි මට්ටමකට පත්ව ඇත. ඊට ද හොඳම උදාහරණය සියළු "අම්මට" කියා ඇරඹෙන පරුෂ වචන "ට" යන්නෙන් නැතිනම් "ටෞ" ලෙස අරඹා ප්‍රකාශ කිරීමයි. ප්‍රවණතාවන් වලට ගැතිවී ඒවායේ වහලුන් වී විනෝදය උදෙසා මවා ගත් පෞරුෂයක් ගොඩනගා ගෙන ඇත්තේ මෙලෙසිනි. ඒ වෙනුවෙන් භාෂාව කරනා කාර්‍යභාරය ඉහළ වන අතර එයින් භාෂාවට සිදු වන හානිය ද ඉහළය. තවමත් අධ්‍යක්ෂ වෙනුවට අධ්‍යක්ෂක යන්න භාවිතා කරනා ප්‍රවීණයන් ද බොහෝමයකි.

යමෙකු වහරේ එන පරිදි රජා මැරූ විට එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කියතොත් මෙරට ප්‍රධාන භාෂාව නොවන ඉංග්‍රීසිය වරදා කතා කල විට එහි වැරදි නිවැරදි කිරීමට බොහෝ දෙනා පෙළඹුන ද සිංහල භාෂාව හිතා මතාම කරන මැරීම නිවැරදි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවනවා සේම එය කටින් කට, අතින් අත වාචිකවත්, ලිඛිතවත් උජාරුවෙන් සමාජගත කිරීමට පෙළඹෙන පිරිස් සංඛ්‍යාව ඉතාමත් ඉහළ මට්ටමක පවතී. කොටින් ම කියතොත් භාෂාව පිළිබඳව හැඟීමක් නැති අතර මව් භාෂාවවත් නිවැරදිව භාවිතා කිරීමට දැනුමක් නැත.

බටහිර භාෂාවන් හිස් මුදුණෙහි රඳවා ගෙන මව් භාෂාව අමතක කිරීමට කිසිවෙකු පසුබට නොවන්නේ ද මේ නිසාවෙනි. සිංහල භාෂාව පරිහරණය ලැජ්ජාවට කරුණක් ලෙස ඔවුහූ සලකති. ඉදින් බටහිර රට වලට යන බොහෝ දෙනාට සිංහල අමතක වේ. ලංකාවේ ද සිංහල පවුල් වල හැදී වැඩී සිටින්නන් එකිනෙකා හමු වූ විට ඉංග්‍රීසියෙන් දොඩමළු වෙයි. ඊට හේතුව සිංහල පවුල් වුව ද නිවසේ ඉංග්‍රීසිය රජ කිරීමයි.

ලිඛිත මාධ්‍ය තුළ හැරුණු විට විද්‍යුත් මාධ්‍යයන් වල ඇත්තේ සම්පූර්ණයෙන් ම අසා සිටීමට අපහසු සිංහල භාෂාවක් ය. බහුතරයක් ම ෆැන්ටසිකරණයට සහ වාණිජකරණයට ලක් වූ විද්‍යුත් නාළිකා වන අතර ඒවායෙන් සරල සුගම සිංහල භාෂාවක් වර්තමානයේ දී බලාපොරොත්තු වීම ද ප්‍රායෝගික නොවන කාරණාවකි. භාෂාව හැසිරවීමට බැරෑරුම් සහ නිතර අසන්නට නොලැබෙන වචන භාවිතාව අත්‍යාවශ්‍ය ම නොවේ. නමුත් භාවිතාවේ යොදවන බහුතරයක් වූ අනෙකුත් සියළු වචන නිවැරදිව ව්යාකරණානුකූලව හැසිරවීම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේවත් පවත්වා ගැනීම භාෂාවේ උන්නතිය උදෙසා ඉතාමත් යෝග්‍ය වේ. නැතහොත් වර්තමානයේ පමණක් නොව අනාගතයේ දී පවා උපදින දරුවා ග්‍රහණය කර ගන්නා මුල්ම වචන බිඳුණු සිංහලක් විය හැක.

සිදු විය යුත්තේ කියන්නා කෙසේ කීවත්, පල වී ඇති දේ කෙසේ වුවත් අසන්නා හෝ පාඨකයා සිහි බුද්ධියෙන් ඇසෙනා කියවනා සියළු භාෂා ව්‍යවහාරයන් එළෙසින් ම ක්‍රියාවෙහි නොයොදවා සිටීමට විචාරශීලී වීමයි. සිදු නොවන්නේ ද මෙය ම ය. භාෂාව ද රැල්ලකට හසු වී ඇත. සබුද්ධික පාඨකයන් සහ ශ්‍රාවකයන් සමාජයෙන් වඳවී යමින් පවතී. මෙය වැළැක්වීමට කළ යුත්තේ අවිචාරවත් භාෂා හසුරුවන්නන්ගේ විලාශයන් අනුකරණය නොකර, කාලෙන් කාලෙට එන රැලි වලට හසු නොවී, හුදෙක් ම ඒවා එක් කනකින් අසා අනෙකෙන් පිට කර හරය පමණක් උකහා ගැනීම ම ය.

Thursday, July 18, 2013

We think we have a better life than others or we are trying to be more prosperous with what we earn day by day, but still we complain each other for the mistakes and faults that cause the loss of that satisfaction and comforts we earn even by a needle point.

Some forget their roots and try to claim themselves as rich like they have descended the land from heavens. They may be having six figure salaries that make them so proud or kings in their whole generation. But they have no true satisfaction other than something they have earned hard days and nights to foresee the future with filled wealth and reputation which dissolve one day.

The biggest difference between the rich and the poor is that. The poor is quite happier than the richest since they have nothing to lose or protect, but the simplicity in life with enough comforts and aspirations become their biggest strengths compared to those who work day and night spending less time for their beloved ones and care about own people.

Life becomes easy when there are less responsibilities to handle and less people to deal with. But a family should be the ultimate goal for everybody which must not only be tended with monetized comforts that may equip the four walls. Being rich makes people reach the limits that they have never thought before, while those limits being risen by the amount they earn. And that cycle cannot be discontinued if there is a hunger for notes and cents.

Therefore never blame for losing any comfort, never feel ashamed of having a bad history or roots with poverty. Always note to yourself that your character will be tarnished only when you forget your roots and try to live like a king forgetting the levels below you.

Tuesday, March 19, 2013

I've been cheated by you since I don't know when
So I made up my mind, it must come to an end
Look at me now, will I ever learn?
I don't know how but I suddenly lose control
There's a fire within my soul
Just one look and I can hear a bell ring
One more look and I forget everything, o-o-o-oh

කෙදිනක සිට ඔබ මා රැවටූයේ දැයි නොදනිමි
එබැවින් මෙය අවසන් කිරීමට තීරණය කළෙමි
නමුත් මදෙස බලන්න, ඉන් මා යමක් ඉගෙන ගත්තා ද?
මට නොදැනිම මට මා පාලනය කර ගත නොහැක
මා සිත තුල ගින්නකි
එබැවින් එක් වරක් මදෙස බලන්න
තවත් එක් වරක් මදෙස බලතොත් මා සියල්ල අමතක කරමි

Mamma mia, here I go again
My my, how can I resist you?
Mamma mia, does it show again?
My my, just how much I've missed you
Yes, I've been brokenhearted
Blue since the day we parted
Why, why did I ever let you go?
Mamma mia, now I really know,
My my, I could never let you go.

මා නැවත යන්නෙමි
මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?
අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝකියා පෙනෙනවා ද?
මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද සොවිනි
කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
නමුත් දැන් මා එය දනිමි
ඒ මට ඔබ දුරස් කළ නොහැකි නිසා

I've been angry and sad about the things that you do
I can't count all the times that I've told you we're through
And when you go, when you slam the door
I think you know that you won't be away too long
You know that I'm not that strong.
Just one look and I can hear a bell ring
One more look and I forget everything, o-o-o-oh

ඔබ කරනා දැයෙන් මා දුකෙන් සහ කෝපයෙන් තැවුනෙමි
මා කෙතරම් පැවසුවාද අප'තර කිසිවක් නැති බව
එවිට ඔබ දොර තදින් වසා ගිය විට
ඔබ බොහෝ දුරක් ය'තැයි මා නොසිතූයේ
මා දුර්වල බව ඔබ දන්නා නිසාවෙනි
එනමුදු එක් වරක් මදෙස බලන්න
තවත් එක් වරක් මදෙස බලතොත් මා සියල්ල අමතක කරමි

Mamma mia, here I go again
My my, how can I resist you?
Mamma mia, does it show again?
My my, just how much I've missed you
Yes, I've been brokenhearted
Blue since the day we parted
Why, why did I ever let you go?
Mamma mia, even if I say
Bye bye, leave me now or never
Mamma mia, it's a game we play
Bye bye doesn't mean forever

මා නැවත යන්නෙමි
මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝ
කියා පෙනෙනවා ද?මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද සොවිනි
මා අත හරිනුයි කීවද
කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
මෙය අප කරනා සෙල්ලමක් වැනිය
යන්නට කීවද එය සැම විට එසේම නොවේ

Mamma mia, here I go again
My my, how can I resist you?
Mamma mia, does it show again?
My my, just how much I've missed you
Yes, I've been brokenhearted
Blue since the day we parted
Why, why did I ever let you go
Mamma mia, now I really know
My my, I could never let you go

මා නැවත යන්නෙමි
මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝ
කියා පෙනෙනවා ද?මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද සොවිනි
කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
නමුත් දැන් මා එය දනිමි
ඒ මට ඔබ දුරස් කළ නොහැකි නිසා

Monday, May 14, 2012

ප්‍රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමතිම දෙයක් තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. ප්‍රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම කලාතුරකින්. ඒ විතරක් නෙවේ. ප්‍රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒත් ඒවාත් අර මුලින් කියපු ප්‍රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්‍රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්‍රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්‍රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ ඉන්නවා. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්‍රාතිහාර්යයක් විදියට සැලකීම.


නිකමට අපි මේ ප්‍රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්‍රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්‍රාතිහාර්ය වලට මේ තරම් කැමති කියලා. මේ ප්‍රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ඵ්හලය මොකද්ද කියලා තමයි ගැටළුව. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජයේ හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්‍රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. හැබැයි කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නොත් නම් ප්‍රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්‍රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා දැන් බොහෝම කාලයක් ගත වෙලා.

බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්‍රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමා මහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳන් කරන්න පුළුවන්. ඒවා පෑවේ අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්‍රාතිහාර්යය පෑවේ මානය බිඳිමට හෝ, නොදැමිණු පුද්ගලයින් දමනය කිරීමට යන්නයි. තවත් එක් උදාහරණයක් හැටියට ගඟකින් එතෙරවීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්දියක වටිනාකම අද වටිනාකමෙන් නම් සත පහක පමණ වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.

එහෙම නම් බෞද්ධයා ප්‍රාතිහාර්ය, විජ්ජා රස විඳීමට පුරුදු වුනේ කෙසේ ද? ඒවා පසුපස දුවන්නට හුරු වූයේ කෙසේ ද? පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් ලබා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාමයි. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් ජ්‍යෝතිෂවේදීන් නින්දෙන් අවධිව ලෝකයටම කියා පාන ඔවුන් නින්දේ දී දකිනා මනෝ විකාරී සිහින වලට අනුව කරනා ප්‍රකාශ. මෑතකදී ද එවන් අවස්ථාවක් උදා වුනේ බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ හෙයින්. වරක ද අපේ බෞද්ධ බැතිමත්, ශ්‍රද්ධාවන්ත ජනතාව වැස්සකටවත් ගොඩ නොවදින ගමේ පන්සලට දිව ගියේ එසේ බුදු පිළිම වලින් විහිදෙන බුදු රැස් දැකීමටය. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.

එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්‍ය, ප්‍රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්‍රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්. සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයිනි, බුදු රජාණන් වහන්සේ අනුව යමින් වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන ගිය ඔබ සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගැනීම වැදගත් බව මතක තියා ගන්න.

Friday, May 11, 2012

මාතෘකාව දුටු සැණින් බොහෝමයක් දෙනා මේ ලිපිය කියවන්නට හිතාගෙන මේ පැත්තට එන්නට පුළුවන්. එනමුත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඔබත් මේ දෙවල් හා සම්බන්ධ අයෙක් නම්, මේ දේවල් පසුපස හඹා යන අයෙක් නම් පමණයි කියාත් කිව යුතුයි. මන්ද යත් මේවා අද පමණක් නොව ලෝකයේ පැරණි‍ යැයි කියනා රැකියාවේම ව්‍යාප්තියක් ලෙසට හඳුන්වන්නට පුළුවන් දේවල් නිසා. ඒ වාගේම අති විශාල ආකාරයෙන් කාලයක් තිස්සේ අද වෙන විට විශාල හිස එසවීමක් සිද්ධ වෙලා තියෙන දේවල් තමයි මේ. එසේ කීමට හේතුව, පසුගිය කාලයේ දී එවන් ප්‍රවෘත්ති බොහෝමයක් ජන මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට අප හැමෝටම ලැබුන නිසා.

ඒත් මේ ලිපියෙන් කියන්න යන්නේ මටත් මාගේ මිතුරෙකුටත් දකින්නට ලැබුනු, තවමත් දකින්නට ලැබෙන දේවල් කීපයක් ගැන පුංචි අවධාරණය කිරීමක්. සමහර විට ඔයාලාත් දැක තිබෙන සුලභ දසුනක් විය හැකියි. නමුත් මේ පිළිබඳව මීට පෙර කිසිවකු කතා කර තිබෙනවාද යන්න කිව නොහැකියි. සමහර විට සමහරෙක් මේ ගැන ප්‍රශ්ණ කරන්නටත් පුළුවන්, මේ දේවල් ඒ අදාළ පුද්ගලයන් හට ජීවිකාව ලෙස කරගත්තාට වරදක් නැති ලෙසත්. ඒත් මේවායෙන් සිදු වෙන සමාජයේ ගැටළු සහගත සිදුවීම්, අවස්ථා එන්න එන්නම වැඩි වීමයි ප්‍රධානම කරුණ.

මේ තාක් මේ ලිපිය කියවපු හැමෝටම තේරුම් යන්නට ඇති මේ කියන්න යන්නේ ගණිකා වෘත්තිය පිළිබඳව බව. සාමාන්‍යයෙන් අප දන්නා තරමට මේ වෘත්තිය ඈත අතීතයේ සිට ම පවත්වාගෙන පැමිණියේ කාන්තා පාර්ශවය විසිනි. නමුත් බොහෝ විදේශයන්ගේ නම් මේ තත්ත්වය මඳක් වෙනස්. ඒ මන්ද යත් මෙය කාන්තාවන්ට පමණක් සීමා නොවුන පුරුශයන් පවා වැළඳගත් වෘත්තියක් වී තිබීම. ඒත් ඒ ප්‍රවණතාව අප රටේ කුමන තත්ත්වයේ තියෙනවාද යන්න පිළිබඳව නම් සොයා බැලිය යුත්තක්. නමුත් දත යුතු කරුණ නම්, ඒ පාර්ශවයේ දායකත්වයත් යම්තාක් දුරකට මෙරට සිද්ධ වන බව.

පිටකොටුව වැනි තදාසන්න ප්‍රදේශ වල මේ වෘත්තිකයන් බහුලව දැක ගන්නට හැකි වුවත්, හොඳින් නිරීක්ෂණය කළ හොත් අනෙක් තදාසන්න නොවෙන ප්‍රදේශ වලත් දැක ගැනීමට හැකි වේවි. ඊට හේතුව නම්, මුලින් සඳහන් කළ ඇසින් දුටු අත්දැකීම. නගරබද ප්‍රදේශ වල කාන්තා සේවකයින් දැක ගැනීමට නිතර අවස්ථා උදා වනවා. ඒ බොහෝ වෙලාවට අඳුර වැටීගෙන එන අවස්ථා වලදී. එය සාමාන්‍ය දෙයක්. නමුත් වෙනස නම් මෙයයි. මුලින් සඳහන් කළ නුගේගොඩ නගරයේ කාන්තා මෙන්ම පුරුශ ලිංගික සේවකයන් පවා රාත්‍රී කාලයේදී තැන් තැන් වල රැඳී ඉන්නා බව දැක ගන්නට පුළුවන්. නමුත් මොවුන් කාන්තාවන් වෙනුවෙන් කැප වූවන් නොවීමත්, සමරිසි පුද්ගලයින් වීමත් තමයි මීළඟ වෙනස් කම. මන්ද යත් මෙම පුරුෂයින් කරා පැමිණෙන්නේ පුරුෂයින් ම පමණක් බැවින්.

කාන්තා ස්වරූපයෙන් හැඳගත් විකෘති මානසිකත්ව ඇති පුරුශ-ලිංගික සේවකයිනුත් නොයෙක් අවස්ථා වලදී දැක ගනීමට අවස්ථාව ලැබෙනවා. නමුත් මෙවන් වෘත්තියක නොයෙදෙන එවන් පිරිස් ද සමාජයේ සිටිනවා. මොවුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කළහොත් බොහෝ දෑ හාස්‍යජනක සිදුවීම් සහ පිළිකුල් සහගත දෑ බව තේරුම් ගැනීමට හැකි වේවි. මන්ද යත් ඒවා මමත් , මිතුරාත් බොහෝ අවස්ථා වලදී දුරින් සිට නිරීක්ෂණය කොට හිනා වූ වාර බොහෝ සේ තිබූ බැවින්. බස් නැවතුම් අසල, අඳුරු ප්‍රදේශ වල මෙවන් පුද්ගලයින් දැකීමට හැකිය. නමුත් දුලභය. කාන්තාවන් ද එසේමය. ඔවුන්ගේ හැඩ රුව, විරූපී දේහ ලක්ශණ, හැසිරීම් සහ නිර්ලජ්ජි ක්‍රියා දැකීමෙන් හැඟී යන්නේ මොවුන්ට කිනම් ආකාරයේ සමාජ රෝගී තත්ත්වයන් වැළඳී ඇත්ද, මෙවන් අය සමග මිනිසුන් අසම්මත ලෙස හැසිරෙන්නට තරම් මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නේ මන්ද යනුවෙනුයි.

තම සහකරුවා හෝ සහකාරියගෙන් හෝ නිසි සතුටක් ලබන්නට බැරි බොහෝ දෙනා මෙවන් පහසු ක්‍රම වලින් මුදල් වැය කොට හෝ නොකොට තම ශාරීරික අවශ්‍යතා පිරිමහ ගැනීමට කිසිදු බියක් ඇති කර නොගැනීම ම පුදුමයට කරුණකි. මැදි වියේ පුද්ගලයින්, ත්‍රී රෝද රථ රියදුරන්, වාහන වලින් පැමිණෙන්නන් මෙලෙස පාරේ සිටින කාන්තා සහ පිරිමි ලිංගික සේවකයන් අසුරු කරන අයුරු දැකීම ම අප්‍රියජනක දසුනකි. ඔවුන් බිලි දෙන්නේ තමන්ගේ පතිවත හෝ පතිනිවත හෝ ජීවිතය හෝ විය හැකිය. නමුත් ඒ තාවකාලික සතුටක් වෙනුවෙනි. මෙය ඔවුනගේ ජීවිකාව විය හැකිය. නමුත් බිඳ වැටෙන්නේ බැඳීම් ය. එමෙන්ම මෙය එක් නගරයක් පිළිබඳව පමණක් විය හැකිය. නමුත් මෙවන් දෑ රටේ ඕනෑම ප්‍රදේශයක පවතින සාමාන්‍ය දේවල් බවට පත් වී හමාරය.
අදත් අළුත් ලිපියකින් මම ගෙන එන්නේ තවත් ගීතයක අරුතක්. ඒ බටහිර ඉංග්‍රීසි ගීයක්. 70 දශකයේ ජනප්‍රිය වූ ඇබා සංගීත කණ්ඩායම විසින් ගායනා කරන්නට යෙදුන මේ ගීතය හඳුන්වා ඇත්තේ "Our Last Summer" (ගෙවී ගිය ගිම්හාන කාලය) යනුවෙන්. ශ්‍රී ලාංකික ඇබා ලෝලීන්ට වුවද නිතර අසන්නට නොලැබුණු ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැක. මෙය 2008 දී තිරගත වූ ඇබා සංගීත සහ ගීත ඛණ්ඩ යොදා නිර්මාණය වූ "Mamma Mia!" චිත්‍රපටයේද අඩංගු වූ මනරම් තනුවකින් හා ලස්සන අදහසකින් යුතු ගීතයක්. එය මෙසේ මා විසින් පරිවර්තනය කොට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා ඇති. මේ අරුතේ පහළින් පල කර ඇති ගීතයේ වීඩියෝ දසුන් ද රස විඳින්නට අමතක කරන්න කරන්න එපා.

The summer air was soft and warm
The feeling right, the Paris night
Did it's best to please us
And strolling down the Elysee
We had a drink in each cafe
And you
You talked of politics, philosophy and I
Smiled like Mona Lisa
We had our chance
It was a fine and true romance

ගිම්හාන කාලයේදී හමන සුමුදු උණුසුම් සුළඟ පැරීසියේ ගත කළ රාත්‍රියේදී අප බොහෝ හොඳින් පිනවූවා. එලිසීයේ ගමන් ගනිත්දී හැම ආපාන ශාලාවකදි ම අපි බීමක් ගන්න අමතක කළේ නෑ. ඒ අතරේදී ඔබ දේශපලනය, දර්ශනවාදය ගැන කතා කරද්දී මම මොනා ලීසා වගෙ හිනා වුනා. ඊට අපිට අවස්ථාවක් ලැබුනා. එය කදිම පෙම් කතාවක්.

I can still recall our last summer
I still see it all
Walks along the Seine, laughing in the rain
Our last summer
Memories that remain

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.

We made our way along the river
And we sat down in the grass
By the Eiffel tower
I was so happy we had met
It was the age of no regret
Oh yes

අප ගඟ දිගේ ඇවිද ගොස් අයිෆල් කුළුණ අසබඩ තණනිල්ලේ ඉඳන් හිටියා. අප පසුතැවිලි නොවූ ඒ සමයේ අපගේ හමු වීම මට බොහෝ සතුටුදායක කරුණක් වූවා. 

Those crazy years, that was the time
Of the flower-power
But underneath we had a fear of flying
Of getting old, a fear of slowly dying
We took the chance
Like we were dancing our last dance

ඒ උමතු වසරවල් අප ආදරෙන් ගත කළ කාලයයි. නමුත් හිත් ඇතුලෙන් අප ඉක්මණින් වයසට යාදෝයි බියක් වාගේම හෙමිහිට මරණයට ලං වේදෝයි බියක් පැවතිණි. අප ඒ ගැන සිතා ඉන් ප්‍රයෝජන ගත්තේ අපි අපේ අවසන් නැටුම නටන්නාක් මෙනි යන සිතුවිල්ලෙනි.

I can still recall our last summer
I still see it all
In the tourist jam, round the Notre Dame
Our last summer
Walking hand in hand

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.

Paris restaurants
Our last summer
Morning croissants
Living for the day, worries far away
Our last summer
We could laugh and play

පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.

And now you're working in a bank
The family man, the football fan
And your name is Harry
How dull it seems
Yet you're the hero of my dreams

බැංකුවක රැකියාව කරන, පවුලට ලැදි, පාපන්දු රසිකයෙක් වූ, හැරී නම් ලද ඔබ නීරස යැයි සිතෙතත් ඔබ තවමත් මගේ වීරයායි.

I can still recall our last summer...

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.

පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.




Sunday, May 6, 2012


වෙසක් පුන් පොහෝ දිනය ඊයේ දිනයේදී උදා වුණා. ඒ සමග ම ඔබ සැමට ම නිවණ කරා සිත යොමු වන, දුරාචාරී සිත් ඇති නොවෙන, නිරන්තරයෙන් සිතේ සතුට පිරී තිබෙන, නිරෝගී, සුවපත් වූ ශ්‍රී සුභ නව බුද්ධ වර්ෂයක් වේවා කියාත් ප්‍රාර්ථනා කරනවා.

ඒ නිමිත්තෙන් මෙසේ පලවන ලිපිය ලිවීමට හේතු වන්නේ එක්තරා ආරවුලකට හේතු පාදක වුනු දේවල් කිහිපයක් නිසාවෙන්. ඒ බුදු දහම ආශ්‍රිතව සිදු වූ එක්තරා අනවශ්‍ය ආරවුලක්. මන්දයත් බුදු දහම යනු එක්තරා සීමාවකට යටත්ව තමන් දන්නා කරුණු පමණක් පදනම් කරගෙන බුදු දහම වැරදි ලෙසින් ග්‍රහණයට ගෙන සිටිනා අයද මේ සමාජයේ සිටිනා බැවින්. එහෙයින් මේ ලිපිය එවන් අයගේ මානසික මට්ටම් පිළිබඳව සිදු කෙරෙනා විචාරයක් ලෙසින් මෙසේ ලියැවෙන වගයි. මේ ලිපිය ලියන මා පාරිශුද්ධ බෞද්ධයෙකු නොවේ. නමුත් එවන් තත්ත්වයකට පැමිණීමට උත්සාහ කරන්නෙකු පමණි. ධර්මය ගැන දන්නා මනාව හසුරවන යම් යම් පුද්ගලයන් ඇසුරෙන් ලද දැනුම් සම්භාරයන් හේතුවෙන් සහ යම් වටිනා බෞද්ධ පොත් පත් කියවීම හේතුවෙන් ලද දැනුම මත මෙවන් ලිපියක් පල කිරීමේ අවශ්‍යතාවද මත ලියැවෙන්නකි මේ.

බුදු දහම තමන් වටහා ගන්නා, තමන්ට ඇසෙනා, තමන් දන්නා අයුරින් වැරදි කොණින් අල්ලා ගෙන අනුන්ගේ වැරදි හොයනා මිනිසුන් උන්මත්තකයන් මෙන් බොහෝ විට සමාජයේ හැසිරෙයි, බැණ වදියි. නිර්මල බුදු දහම යනු අනුන් ගැන, අනුන්ගේ වැරදි නොසොයා තමන් ගැන පමණක් සෙවීමට උපදෙස් දෙන දහමකි. ඒ මන්ද යත්, තමා කරනා දෙයෙහි පල තමාට මිස අන් අයෙකුට විඳීමට සිදු නොවෙන බැවින්. තමන් කරන්නේ යමක්ද, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නන් කෙරෙහි ද්වේශ සහගතව හැසිරෙන බොහෝ අය මානසික ලෙඩුන් නොම වේ නම්, පාරිශුද්ධ බෞද්ධයන් විය නොහැක. දිනපතා බුදුන් වන්දනා කළ ද බද්ධ වෛරයන්, අනුන්ගෙන් සිදු වූ වැරදි, අතපසු වීම්, සිතා මතා කළ වැරදි හෝ දිනෙන් දින මතකයේ තබා ගන්නේ නම්, දිනකට තෙවරක් බුදුන් වන්දනා කළ ද ඉන් තමන්ට හෝ අනුන්ට සිදු වන යහපත ඒ ආකාරයෙන්ම සිදු නොවන්නේය. මන්දයත් කෙතරම් පිංකම් කළද, ද්වේශ සහගතව ක්‍රියා කරන්නන් වෛරය පතුරනවා විනා මෛත්‍රීය නොපතුරවන හෙයිනි. යම් පිංකමක් කළ යුත්තේ තමාගේත් අනුන්ගේත් සිත් තුල අවෛරී සිතුවිලි ඇති කරවමින් මිස, තමාගේ උතුම් බව සිතා අනුන් ද ඊට අනුගතව, ඊට බයාදුව, ඊට ගරු කල යුතු යැයි සිතා හෝ අණ කිරීමකින්, බල කිරීමකින්, ඝර්ජනා කිරීම් වලින් නොවේ. එවන් බිය වැද්දීම්, අණ කිරීම් ඇත්තේ හුදෙක් අන්‍යාගම් වල පමණකි; බුදු දහම තුල නොවේ.

තමන් ධාර්මිකව, සැදැහැ සිතින් යමක් කරන්නේ ද ඉන් තමන්ට සහ අනුන්ට අත් වෙන යහපත ගැන පමණක් සිතිය යුතුය; තමන්ට ලැබෙනා ලාභ ප්‍රයෝජන පිළිබඳ බලාපොරොත්තු නොතැබිය යුතුය. යමෙක් බුදු දහම වැරදි ලෙසින් අර්ථ දක්වයි නම්, බුදු දහමේ නාමයෙන් අනුන්ගේ සිත් රිදවයි නම්, තමන් පමණක් නිවැරැද්දක් කරයි කියා සිතා අනුන්ට දොස් පවරයි නම්, එයින් ලද හැකි පල විපාකයන් අනුන් නොව, තමන් ම තනිව අත් විඳිය යුත්තේය. කිමද යත් තමන් වැපිරූ දෙයෙහි අස්වනු තමන් විසින්ම නෙළිය යුතු බැවින්.

නිර්මාංශව යමෙක් සිටී ද එය ඔවුනොවුනගේ අන් සත්ත්වයන් කෙරෙහි ඇති අවිහිංසාවාදී ප්‍රතිපදාව, දයානුකම්පාව සහ සිතුවිල්ල නිසා විය හැකිය. එසේ නැතහොත් වෙනයම් අයෙක් වෙනුවෙන් හෝ වෙනයම් අයෙක් දෙස බලා තමන් විසින් ඇති කරගත් කැප වීමක් හෝ ප්‍රතිපත්තීන් නිසා ද විය හැකිය. එසේ ද නැතහොත් තමන් නිර්මාංශී යැයි අණ බෙර ගසා හෝ තමා ම පිරිස් අතරේ කියා ගනිමින් ගරු නම්බු නාම ලැබීමේ හෝ විශේෂ ප්‍රතිචාර ලැබේ යැයි සිතා සිදු කර ගන්නා පෞර්ෂත්ව වෙනසක් හේතුවෙන් ද විය හැකිය. නමුත් මස් මාංශ අනුභව කරන්නන් හෙලා දකිමින් ඔවුනට නිගා කිරීම බෞද්ධයෙකු සතු විය යුතු ගුණංගයක් නොවේ. හෙලා දකින්නේ නම් ආහාර වෙනුවෙන් සතුන් මරණා ස්ථාන සහ පුද්ගලයින් එවන් හෙලා දැක්වීමකට ලක් විය යුත්තේය. නමුත් සිදු වන්නේ අනෙකකි. මන්ද යත්, බුදු රජාණන් වහන්සේ විසින් මස් මාංශ අනුභව නොකළ යුතු යැයි දේශනාවේ කොතැනකදීවත් සඳහන් කොට නැති හෙයින්. ගිහියන්ට කෙසේ වෙතත්, පැවිද්දන් උදෙසාවත් එවන් දෙයක් අකැප යැයි දේශණා කර නොමැති වීම සැලකිල්ලට ගත යුතු කාරණයක්. මීට හොඳම උදාහරණය ලෙස දෙව්දත් තෙරුන් විසින් සංඝ භේද ආනන්තරීය පාප කර්මය සිදුවීමෙහිලා සම්බන්ධ, බුදුන්ගෙන් කළ ඉල්ලීම් පහ අතර, 'භික්ෂූහූ නියත වශයෙන් ම නිර්මාංශික විය යුතු' යැයි කළ ඉල්ලීමට බුදු රජාණන් වහන්සේගෙන්, 'කැමති නම් පරිභෝජනය කිරීමටත්, අකැමති නම් නොකිරීමටත් හැකි' බව දේශණා කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම දැක්විය හැකිය. එහෙයින් එවන් නීතියක් පනවා නැති බැව් අමතක නොකළ යුතුය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සිතා හෝ, කැමැත්ත පරිදි ගැනීමට ඉඩකඩ ඇත. වළකින්නේ නම්, අන් සතුන්ගේ ජීවිය තමා වෙනුවෙන් කැප කරනා සතුන් පිළිබඳව සානුකම්පිතව සිතා වැළකීම වඩා යෝග්‍ය වේ.

සමහර පුද්ගලයින් දහම් පොත් පත් කියවද්දී ඒවායේ සඳහන් කරුණු තමන්ගේ ජීවිතයට අදාල කරගෙන කුසල් වැඩීමේ වීර්ය වර්ධනය කර ගැනීමෙහිලා යොදවනවා විනා, අන් අයගේ වැරදි මේ මේ යැයි කියා මෙනෙහි කරයි. ඒ ඒ ධර්ම කරුණු තමන් හඳුනන පුද්ගලයින් විසින් බිඳ දමනා ආකාරය ගැන මෙනෙහි කරයි, ඒවා ගැන සිතින් තර්ක කරයි. ඒ ඒ ධර්ම කරුණු අදාළ පුද්ගලයින් සමග කතා බහ කිරීමේ දී, ඔවුන් සමග තර්ක කිරීමේ දී ඔවුනගේ වැරදි හුවා දැක්වීමට යොදා ගනියි. නමුත් ඒ කාලය තමන්ගේ වර්ධනයක් සිදු කර ගැනීමට නොයොදවයි, ලියැවී ඇති දෙයෙහි නිවැරදි අර්ථය වටහා ගැනීමට උත්සාහ නොකරයි. එක දහම් පුස්ථකයක් ධර්මය ගැන නොදත් අයෙක්, ධර්මය මනාව උගත් අයෙක් සහ ධර්මය උඩින් පල්ලෙන් දත් අයෙක් යන පුද්ගලයින් තුන් දෙනෙකු විසින් වටහා ගෙන ක්‍රියාවෙහි නංවනා ආකාර තුන් විදියක් වේ. මඳ වශයෙන් දත ද, ධර්මය මනා ලෙස හසුරවන්නේ නම්, ක්‍රියාවේ යොදවන්නේ නම් ඔහු නියමාකාර බෞද්ධයෙකි. නමුත් ගැටළුව නම්, තමන් පිළිබඳව තමන් නියමාකාරයෙන් ඇගයීමක් නොකිරීම සහ එසේ කිරීමට දැනුමක් ද නොතිබීමයි. එහෙයින් අද සමාජයේ බොහෝ බුදුවරු පහල වී ඇත, මග ඵල ලබා ඇති බව ප්‍රකටව පල කරන්නන් පහල වී ඇත. එවන් අය පිළිබඳව අප අනුකම්පාවෙන් බැලිය යුතුය.

සමහරෙක් පන්සල් වලට, භික්ෂූණ්ට දාන මානාදිය නිතිපතා කළ ද තම පවුල පිළිබඳව නොසිතයි, ඔවුනගේ සිත සතුටු කිරීමට උත්සාහ නොගනියි. දෙමාපියන්ට දොස් පවරයි, යහපත් චාරිත්‍ර මග හරියි, තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් පැහැර හරියි. එනමුත් දහම් පොත් පත් කියවයි, දානමානාදියට කැප වෙයි. මෙය ද ඔබ සතු විය හැකි තවත් ගුණාංගයක් විය හැක. නියමාකාර බෞද්ධයකු වන්නට මේ දෙපසේම යහපත් වූ වර්ධනයක් පැවතිය යුතුය. උගත් කම තිබුන ද, බුද්ධිමත්ව කටයුතු කළ නොහැක්කේ නම් එම පුද්ගලයා නිර්වස්ත්‍රව සමාජයේ සිටිනා පුද්ගලයෙක් වැනිය. එසේත් නැතහොත් බැළුමක් වැනිය. ඇතුලේ වාතයය, පිටත අලංකාර ආවරණයකි.

බෞද්ධයෙකු සතු එකම ඉලක්කය විය යුත්තේ හැකි තරම් මේ භවයේදීම සෝතාපත්තියට (සෝවාන් පලයට) ලඟා වීමට උත්සාහ ගැනීම පමණි. ඉන් මතු ඉදිරිය පිළිබඳව ඉන් පසුව සැකයක්, බියක් පවත්වා ගත යුතු නොවේ. අඩු තරමින් අනුන් ගැන වද නොවී තමන් පළමුව යහ මග යමින් අනුන් දෝශ දර්ශනයට ලක් නොකර ඒ මග අන් අයව ද කැටුව යාම පිළිබඳවත් අවධානය යොමු කිරීමයි වැදගත් වන්නේ. එසේ නම් මේ කියා ඇති දේවල් තමන් විසින් කෙතරම් සිදු කරන්නේ දැයි කියා වටහා ගෙන නිවැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට මේ ජීවිත කාලය තුල වීර්ය කිරීම, ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් කර ගත හැකිය.

එසේ නම් කළ යුතුව ඇත්තේ අනුන්ගේ වැරදි දකිමින් ඒවා තමන්ගේ ධර්මඥාණයෙන් පමණක් නිවැරදි කිරීමට උත්සාහ කොට තමන් පමණක් නිවැරදි යැයි කියා ගැනීම හෝ හුවා දැක්වීම නොව ධර්මය යථා අයුරින් ම, නිසි ආකාරයෙන් මනා ලෙස අවබෝධ කර ගැනීම හා අධ්‍යයනය කොට ක්‍රියාවේ නැංවීමයි. බුදු දහම අවිහිංසාවාදි දහමකි. එබැවින් ප්‍රකෝපකාරීව ගැටළු විසඳීම බෞද්ධයින් හට සුදුසු නොවේ. අද සමාජයේ ආගම් අතර පවතින ගැටළු නිරාකරණය කිරීමට බෞද්ධයින් විසින් ක්‍රියා කරනා ආවේගශීලී ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය අසහනශීලී බවක් ගනී. තමන් උපේක්ශා සහගතව බලා සිට ඒවාට නුවණ හසුරවමින් අන්‍යන් කෙරෙහි අද්වේශ සහගතව කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු මුල් අවස්ථාවේදී ම නිරාකරණය කර ගැනීමට හේතු පාදක වේ. බුදු රජාණන් වහන්සේද කිසිදු ගැටළුවක දී නොසැළුනි, කලබල නොවුණි. සියළු අපවාද, ගැරහීම් සියල්ලන්ගේම සාධුකාර මැද මැකී ගියේය. එසේ නම් බෞද්ධ අප හට එයින් අංශු මාත්‍රීය ප්‍රමාණයක් හෝ ක්‍රියාවේ යොදවන්නට නොහැක්කේ මන්ද? මේ බව මසැසින් නොව මනැසින් වටහා ගැනීමට මේ තෙමගුල ඔබ සැමට නිසි මාර්ගය පෙන්වත්වා!

Sunday, April 22, 2012

ආයෙත් වතාවක් ලස්සන ගීතයක අරුත කියන්න මේ ලිපිය ලියන්නට හිතුවා. මේ ගීතය ඉන්දියානු චිත්‍රපටයක පැමිණෙන ගීතයක්. චිත්‍රපටය තමයි "ලාක්ශ්යා". ශන්කර් එහෙසාන් ලෝයි විසින් සංගීතය මුසු වුන මේ ගීතය නම් වන්නේ "කිත්නී බාතේන්" යනුවෙන්. එක්තරා තරුණයෙක් යුධ හමුදාවට බැඳිලා මුණ ගැසුණු විටෙකදී ඔහු ඔහුගේ පෙම්වතිය සමග සිතෙන් කරනා කතා බහක් ලෙසිනුයි මේ ගීතය ගලා යන්නේ. ලස්සන අරුතක් තියෙන නිසා මේ ගීතයේ තේරුම පරිවර්තනය කරලා පල කරන්නට සිතුන නිසාවෙන් මේ ආකාරයෙන් පල කෙරෙනවා. අදාල ගීතයේ චිත්‍රපටයේ අඩංගු රූප රාමු මෙන්ම මේ අරුතට අදාල වචන සහිත ගීතයත් ගීතයේ සිංහල අරුතට පහතින් පල කෙරෙනවා. චිත්‍රපටයේ අඩංගු ගීතයේ වචන වල වෙනසක් තිබුනත් පහත අදහස චිත්‍රපටයේ ඇල්බමයේ එන ගීතයට අනුකූලවයි. රස විඳීම ඔබට භාරයි.

කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කෙසේ අමතක කරන්න ද? හදවතට කුමක් කියන්න ද?

කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?

ඇයි මේ කතාව සම්පූර්ණ නොවුනේ?
මේ දුරස් බව ඇති වුනේ කොහොම ද?

දෙදෙනාගේ ම හදවත් වල අසාමාන්‍ය දුකක් සැඟවිලා,
එය අඩු වේදෝ? කාටද කියන්න පුළුවන්?

දෙදෙනා ම වරකදී මේ ජීවිතේ සංධිස්ථානයක් පහු කලා
ඒක මොන වගේ පාළුවක් ද? කාටද කියන්න පුළුවන්?
මේ මොහොත කෙතරම් හුදෙකලා වෙලා ද?
පිටවෙන සුසුමත් එක්ක ම දුමාරයක් මැකිලා යන්නා සේ මේ දුරස් බව ඇති වුනේ කෙසේද?

කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කොහොම අමතක කරන්න ද?

අද ඔබ මුණ ගැසුනායින් පසු පෙර දා ගත කළ මොහොත හදවතට සිහි වී
දෙනෙතින් කඳුළු පැන්නේ ඇයි? ඒත් දැන් කුමක් කියන්න ද?

ඔබව ඒ අයුරෙන් දුටුවාම හිතේ බලාපොරොත්තුවක් ඇති වුනා,
ඔබේ ආදරය ලබන්න, ඒත් දැන් කුමක් කරන්න ද?
අප පැමිණියේ කොහේට ද දැන් ?
හදවතේ ගමන් රිය හැරී බලන්නේ මේ දුරස් බව කෙසේ ආවාදෝ කියායි

කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?

කොයි තරම් දේවල් සිතුවම් වෙලා තියෙනවා ද මතකයේ කියන්න,
ඒවා මම කෙසේ අමතක කරන්නද? හදවතට කුමක් කියන්න ද?






Tuesday, April 17, 2012

හැමෝටම සෞභාග්‍යමත් සුබ නව වසරකට ආසිරි පතන ගමන්ම සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මගේ මුල්ම ලිපිය ගොඩක් කාලෙකට පස්සේ මේ විදිහට ලියැවෙන්නයි යන්නේ. මේක ගොඩක් කාලීන අවශ්‍යතාවයක් කියලා දැනුන නිසයි මේ ලිපිය මේ මොහොතේදී ලියන්නට තීරණය කළේ. ඒත් ටිකක් පහු වෙලා. මොකද මේ කියන්න යන දේ මම ලියනවාට වඩා ඇසිය යුතු දෙයක්. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්. විශේෂත්වය තමයි මේ සිංහල අලුත් අවුරුද්ද අපි උත්සවාකාරයෙන් සමරන සංස්කෘතිකමය විශේෂ උත්සවයක් නිසා. ඒ වගේම අපි සමරන බොහෝමයක් උත්සව ගැනත් මේ කියන්න යන දෙයෙහි ඇතුලත් වෙනවා. නිවැරදිව උත්සව සමරන්නේ මොන ආකාරයෙන්ද, ඒවා අර්ථවත්ව සැමරීම ඔවුනොවුන්ට වැදගත් වන්නේ මන්ද, සහ විවිධ දෘශ්ටි වලට යටත්ව බෞද්ධයින් දැඩිව එල්බ ගෙන සිටින නොයෙක් වැරදි ක්‍රමවේදයන් පිළිබඳව මෙහි අන්තර්ගත වෙනවා.

මේ ලිපියෙන් පල කරන්නේ මෑත ඉතිහාසයේ අප රටේ ඉහලින්ම වැජඹුණු ධර්ම කථිකයන් වහන්සේ නමක් විසින් පවත්වපු ධර්ම දේශණාවක් ගැනයි. ඒ අන් අයෙකු නොව ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. උන්වහන්සේ මීට වසර 15කට පමණ පෙර දේශණා කළ මේ ධර්ම දේශණාව අදටත් කෙතරම් අදාල වෙනවාද යන වග මේ පල කරන ධර්ම දේශණාවේ සඳහන් වෙන කරුණු මගින් හැම දෙනාටම අවබෝධ කර ගන්නට හැකියාවක් ලැබේවි. එම ධර්ම දේශණාවේ අඩංගු කරුණු වචනයෙන් ලිපියක් හරහා පල කරනවාට වඩා උන්වහන්සේගේම හඬින් ශ්‍රවණය කරනුවස් පහතින් එම දේශණාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් පල කරන්නට මම සිතුවා. විනාඩි 50කටත් අඩු එම දේශණාව අවසන් වන තුරු ශ්‍රවණය කරනා මෙන් මම මේ ලිපිය කියවන සියලුම සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනවා. අවසානයේදී මේ සඳහන් වෙන කරුණු වලට එකඟ විය හැකි නම් තවත් ඔබ වැනිම සිංහල බෞද්ධයෙකු හට මෙය ශ්‍රවණය කිරීමට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Monday, February 27, 2012

මේ ලිපිය ලියන්නේ එක්තරා Gossip (ඕපාදූප) වෙබ් අඩවියක එක්තරා පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් පිළිබඳව පල කෙරුණු ලිපියක් සම්බන්ධයෙනුයි. ඒ වගේම ඒ ප්‍රකාශයන්ගේ හිස් බව සනාථ කිරීම සඳහායි. එය පවතී නම් එම ලිපියට මෙතනින් යා හැකියි. ඒ ලිපියට අමතරව එවන් ප්‍රකාශ පහුගිය කාලය පුරාවටම එවන් වෙබ් අඩවි වල පල වන්නට යෙදුනා. ඒ වගේම ඒවායේ අන්තර්ගතය පිළිබඳව මොන තරම් මට්ටමකින් එකඟ වෙන්නට හැකි ද යන සැකයත් පවතිනවා. මන්දයත් ඒ සඳහන් කරනා දෑ තුල පවතින පරස්පර විරෝධී බව සහ ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා, තාර්කික බුද්ධියට ඉඩ නොදුන්, මන්ද බුද්ධිකයන් වැනි පිරිස් තවමත් සමාජයේ සිටිනා බැවින් සහ එවන් පිරිස් පහසුවෙන්ම රැවටීමට සහ මෝඩයාට ඇන්දවිය හැකි බව මේ ප්‍රකාශ කරන්නන් දන්නා බැවින්.

ඉහත ලිපියේ ප්‍රකාශයන් කර ඇති තැනැත්තා නොදන්නා එක් කරුණක් වන්නේ බුදු දහමත්, හින්දු දහමේ එන විශ්ණු සංකල්පයේත් ඇති සම්බන්ධතාවක් නොමැති බව. අද බොහෝ නක්ෂත්‍රවේදීන්, දේවාල වල දේවගැතිවරුන් තමා වෙත එන සේවා දායකයන් හට අපල උපද්‍රව වලින් බේරී වැළකී සිටීමට පවසන්නේ, අනුදැන වදාරන්නේ බුදු දහමට අනුකූලව කල යුතු දෑයි. දාන මාන, බෝධි පූජා, පරිත්‍යාගයන් වැනි දේ ඉන් ප්‍රධානයි. ලෝක විනාශය ගැනත් පලවෙන අනාවැකි මේ දිනවල බොහෝ සේ දැක ගන්නට පුළුවන්. නමුත් ඒවායෙන් අතුරු ආන්තරාවක් සිදු නොවී සිටිමටත් එකම පිහිට පින් දහම් වල යෙදීම බව මෙවැන්නන් ප්‍රකාශ කරන්නට යෙදෙනවා. කෙසේ නමුත් බුදු දහමට අනුකූලව ජීවත් වන්නා, ජීවිතය හැඩ ගසා ගන්නා තැනැත්තා කවදා ලෝක විනාශය පැමිණියද බය වෙන්නේවත්, තැති ගන්නේවත් නැති තරම්. ඕනෑම වෙලාවක, ඕනෑම දෙයක් අතහැර දමා යන්නට එවන් අයට හැකියාව තිබිය යුතුයි. දෙවියන්ගේ අවශ්‍යතාවට අනුව පුවත්පත්, ජනමාධ්‍යයනට ප්‍රකාශ කරන්නට පෙළඹීමෙන් පෙනී යන්නේ මොවුන් දෙවියන්ගේ අතකොළු ලෙසින් හැසිරෙන බවත්, දෙවියන් හට තමා පිළිබඳ ප්‍රචාරයන් ජන මාධ්‍යයන්ට හෙළි කිරීමට, හඳුන්වා දීමට ඇති ආශාවක් ගැන නොවේද?

හින්දු දහම යනු සියල්ල නිත්‍යයි, සුඛයි, ආත්මයි යනුවෙන් කියා පාන දහමක්. එවන් දහමක මූලික ම දේව සංකල්පයක සිටින විශ්ණු දෙවියන්ගේ පණිවිඩ ලෝකයට කියා පාමින් සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි යනුවෙන් උගන්වන බුදු දහමෙන් විසදුම් ලබා දීම බුද්ධ ධර්මයට කරන නිගාවක් මෙන්ම එසේ විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන්නත් විමසුමට තුඩු දෙන කරුණක්.

ඉහත සඳහන් කළ ලිපියේ සඳහන් වෙන තවත් කරුණක් තමයි දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්නට දෙවියන්ට ගෞරවයෙන් යුතුව පුද පූජා සත්කාර කළ යුතු බව. එමෙන්ම ඔවුනට වන්දනා මාන කළ යුතු ආකාරය පිළිබඳවත්. නමුත් සත්ත්‍ය කරුණ නම් දෙවියන්ගේ ආරක්ශාව ලබන්නට පුද පූජා පැවැත්විය යුතු නැති බව. මීට හේතුව වන්නේ දෙවියන් ආරක්ශා කරන්නට පෙළඹෙන්නේ සිල්වතුන් පමණක් වීම. දෙවියන්ගේ වන්දන මානනයන්ට සිල්වතුන් පත් වන්නේ නම්, අප දෙවියන්ට වන්දනා මාන කරමින්, පුද පූජා පවත්වමින්, යදිමින් නොසිට දෙවියන්ට ලඟා වන්නට සුදුසු සිල්වතුන් ලෙසින් කටයුතු කිරීම වඩාත්ම වැඩගත් නොවන්නේද? එමෙන්ම දෙවිවරුන් ඒ ඒ දිව්‍ය විමානයන්ගේ දිව්‍ය සැප සම්පත් බුක්ති විඳිමින්, අමෘතය වන් රසැති දිව්‍ය ආහාර පාන ලබමින් ජීවත් වන තවත් එක් සත්ත්ව කොට්ඨාශයක් පමණි. නමුත් එවන් දිව්‍යමය සැප සම්පත්තීන් ලබනා පිරිසක් නරයින්ගේ පලතුරු වලින් පිරුණු පූජා වට්ටි, පූජාවන් බුක්ති විඳීමට, ඒවායේ සුවඳ ආග්‍රාහණය කොට තම කුසගිනි නිවා ගැණීමට මෙලොව සැරිසරයි ද? ඒවායේ රසවත් කොටස් ලෙව කන්නට මේ මනුෂ්‍ය ලොවට වඩියි ද?

මෙහි සඳහන් වුනු තවත් දෙයක් නම් දේවාල වල ස්ත්‍රෝත්‍ර කියන්නන්, පූසාරි වරුන්, දේව ගැතිවරුන් දෙවියන් සමග ගනුදෙනු කරන්නන් පිරිසක් බව. නමුත් ඇත්ත තත්ත්වය සලකා බලන්නේ නම් ඔවුන් අමනුශ්‍යයන්ගේ බලපෑම් වලට ලක් වුනු පිරිසක්. ඒ අමනුශ්‍යයන්ට අනාගතයේදී සිද්ධ වෙන දේවල් දකින්නට හැකියාවක් තියෙනවා වගේම ඒ ඒ සේවා දායකයින්ගේ මියගිය ඥාතීන්ගේ විස්තර දැනගෙන එම ඥාතීන් ලෙසින්ම රඟපා, රවටා ඔවුනට අවශ්‍ය දේවල් ඒ අය ලවා කරවා ගන්නටත් හැකි දක්ෂතාවක් පවතිනවා. දෙවියන් විදියට පෙනී සිටින්නේත් ඒ වගේම මළගිය ප්‍රේත කොට්ඨාශයි. මෙලෙස දෙවියන් දකින්නටවත් නුසුදුසු මෙවන් අය පාපතර, මළගිය, බලවත් හෝ අප්‍රාණික හෝ ප්‍රේතයින් හෝ අමනුශ්‍යයින්, දෙවියන් ලෙසින් වරදවා වටහා ගෙන ඔවුන්ගේ දෘශ්ටියෙන් ලෝකය දකිති, අනාවැකි කියති.

අනිත් දෙය නම් භික්ෂූහූ මාංශ අනුභව කිරීමත් ඒවා දන් ලෙසින් පිළිගැන්වීමත් අධාර්මික ක්‍රියාවක් ලෙසින් දක්වා ඇති කරුණ. බුදු රජාණන්වහන්සේ වුවද භික්ෂුවක් නිර්මාංශ විය යුතු ලෙසින් නීතියක් පණවා නැත. කොටින්ම දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් පහේදිත් ඒ බව කියවෙද්දී කැමති නම් එයින් වැළකී ඉන්නටත් නො ඉන්නටත් හැකි බව දේශණා කර තිබෙනවා. එහෙයින් මස් මාංශ දන් වශයෙන් පිළිගැන්වීම හෝ වැළඳීම වරදක්, පාපතර ක්‍රියාවක්, අධර්මිශ්ඨ ක්‍රියාවක් වන්නට ඉඩක් නැත. නමුත් සතුන් ගැන අනුකම්පාවෙන් එයින් වැළකීමයි වඩාත් වැදගත් වන්නේ. ඒ හැර දානයට සතුන් රැගෙන විත් මරා සකසා පිළිගැන්වීමක් කිසිම ස්ථානයක සිදු වෙනවා යැයි සිතිය නොහැකිය. සිදු වේ නම් ඒ අල්ප වශයෙනි. විමසිය යුතු කරුණ නම්, ගිහි පූජ්‍ය පක්ෂ අධාර්මික වන්නට එකම හේතුව මෙය පමණක් නොවන බව. මෙය හුදෙක් ප්‍රකාශයක් ම පමණකි. මීට වඩා සැලකිය යුතු දරුණු පාපතර ක්‍රියා අද සමාජයේ ඕනෑ තරම් ගිහි පැවිදි දෙපිරිසම විසින් කරනු ලබයි.

අනිත් ප්‍රධානම කාරණාව එම දෙවිවරුන් පල කරනා අනාවැකියි. ඇත්තෙන්ම දෙවිවරු පහල වී සිටින්නේ රටක ජනාධිපතිවරු, විපක්ෂ නායකවරු, අගමැතිවරු, සමුළු, සිරගත වූවන් පිළිබඳව අනාවැකි පල කරන්න ද? මේ දෙවල් ප්‍රකාශ කළ සැණින් විශ්වාස කරන්නට තරම් අපේ මිනිසුන්ට අංශු මාත්‍රීය බුද්ධියක්වත් නොමැති වීම බෙහෙවින් කණගාටුවට පත් වීමට කාරණාවක්. මෙවැන්නන් ප්‍රකාශ කරන්නන්, පූසාරියන්, ගුරුකම් කරන්නන් හුදෙක් උන්මත්තකයන් බව වටහා ගෙන විසීම නුවණට හුරු වේ.

Tuesday, February 14, 2012

මග ඵල ලාභීන් පිළිබඳව බොහෝ දෙනාගේ සිත් තුල පවතින්නේ සැකයක්. මන්දයත් ඔවූහූ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ සේ අපහසු බැවින්. නමුත් තමන් අතරේත් මෙවන් මග ඵල ලාභීන් සිටිය හැකි බව ඔබ දන්නවාද? අදටත් මේ රටේ විතරක් මාර්ග ඵල ලාභීන් බොහෝ සේ ඇත. විශේෂයෙන්ම දත යුතු කරුණක් වන්නේ මගඵල ලාභීන් තමන් මග ඵල ලබා ඇති බව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඒ බව සැඟවී යාම. එය දත හැක්කේ ඔවුන් කමටහන් ලබා ගන්නා ආරණ්‍ය වාසී කම්මට්ඨානාචාරීන් සමග ගැඹුරු සාකච්ඡාවන් පැවැත්වීමෙන් සහ ඔවුන් පවසනා දෑ විශ්වාස කිරීමෙනි. එමෙන්ම ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මාර්ග ඵලයන් ලබා ඇත්තේ යැයි කියා ගන්නා පුද්ගලයන්ද බොහෝ සේ ඇත. යතාර්ථය වැසී යන්නේ මේ මේ කරුණු හේතුවෙනි.

නමුත් ගැටළුව නම්, එසේ තමන් මාර්ග ඵල ලබා ඇත්තේ යැයි කියනා පුද්ගලයන්ගේ අනුගාමිකයින්ව ඔවුනට ඇප උපස්ථාන කිරීමට මිනිසුන් පෙළඹීමයි. ඒ වගේම එම මුග්ධයන්ගේ රැවටිලි ක්‍රියා හෙළි වීමත් සමගම මග ඵල ලාභීන් ඇති බව කීවත්, මෙන්න මේ මේ අය මග ඵල ලැබූ අය බව විශ්වාස කිරීමට පසුබට වීමත්, ඔවුන් කෙරේ සැක පහල කිරීමත්ය. එය සාමාන්‍ය තත්ත්වයක්. මන්දයත් වරක් රැවටුනු පුද්ගලයෙක් තවත් වරක් යම් සත්ත්‍යයක් වුවද විශ්වාස කිරීමට පැකිලීමයි. ඊට අමතරව යමෙක් මාර්ග ඵලයකට පත්ව ඇත් ද යන්න පිළිබඳව බාහිරෙන් දැක දැන ගැනීමට අපහසු බැවින් ද මෙවන් සැකයන් සාමාන්‍ය පුද්ගලයන් අතරේ හට ගනී. තවද ධර්මය පිළිබඳව මනා දැනුමක් නොමැති බවත් මේ දෙවල් පිළිබඳව වැරදි වැටහීම් ඇති වීමට හේතු කාරණා වේ. මේ උත්සාහය එවන් සැකයන්, වැරදි වැටහීම් කීපයකට පිළිතුරු සැපයීමටයි.

මාර්ග හා ඵල වශයෙන් ගත් කල නිර්වාණ ගමන සංධිස්ථාන 8කින් යුක්ත වේ. ඒ මාර්ග සිත් හා ඵල සිත් වශයෙන් ඵලයන් 4ත්, ඒ ඵලයන් වෙත ගමන් ගන්නා මාර්ගයන් 4ත්ය. මේ අට වැදෑරුම් සංධිස්ථාන වල ඉන්නා ඕනෑම පුද්ගලයෙක් ආර්යයෙක් ලෙසින් හඳුන්වන්නට පුළුවන.

සෝතාපත්ති (සෝවාන්) ඵලයට පැමිණි යමෙක් වේද ඔහු හෝ ඇය දරුණු පාපයන්ගෙන් මිදී, සතර අපායෙහි නොවැටී, මතු භවයන් 7ක් ඇතුලත අනිවාර්යයෙන්ම අර්හත්වයට පත්ව නිවන් අවබෝධ කර ගනී. මෙවන් ඇත්තෝ තමුන් සංසාරයට බැඳ තබන බැමි 10කින්, මුල් බැමි 3 වන සක්කාය දිට්ටි හෙවත් මම මගේ යන ආත්ම දෘශ්ටියත්, විචිකිච්ඡාව යන බුද්ධාදීන් සහ තෙරුවන් කෙරේ ඇති සැකයත්, සීලබ්බත පරාමාස යන වැරදි සීලයන්ගේ (කේන්දර, නැකැත්, නිමිති) සරණ යාම කියනා බැමි 3 සම්පූර්ණයෙන්ම බිඳ දමයි.

ඔවුනට කාමභෝගී දැහැමි ගිහි දිවියක් ගෙවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් බොහෝ තරුණ වයසේදී සෝවාන් වූ විශාඛාව සහ අනේපිඬු සිටුතුමන් දැක්විය හැක. ඔවුහූ තවමත් තමා ලස්සනට සිටිය යුතු බව සිතයි, පිරිසිදුව සිටීමට සිතයි, ආදරය විඳියි, විවාහ පත් වී දරුවන් සදයි, චිත්‍රපට නැරඹීමට, ගීත ඇසීමට ප්‍රිය කරයි, තමා කැමති අහාර පාන ගැණීමට ද පසුබට නොවේ, අන්තර්ජාලයේ සැරිසරයි (මුහුණු පොතේ, විද්‍යුත් තැපෑල අඩවි වල, මිතුරන් හා කතා බහ කරයි, ගීත, වීඩියෝ දර්ශන, ඡායාරූප පල කරයි) . එනම් සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකු කැමති සියළු දෑ කිරීමට කැමැත්ත පවතී. මන්දයත් ඔවුන් සතුව කාමරාඝ තවමත් පවතින බැවින්. නමුත් ඒවායේ නොඇලෙයි. ඕනෑම මොහොතක ඒවා ඇතෑරීමට තරම් ශක්තියක් ඔවුන් සතුව පවතී.

ඉහත කී බැමි 10න් මීලඟ බැමි 2 කාමරාඝ හා පටිඝයයි (ක්‍රෝධය). කාමරාඝ යනු හුදෙක් ලිංගික ඇසුරන්, ආශ්වාදයන් පමණක් නොව ඕනෑම සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකුට ම පවතින සියළුම කාමයන් බවත් දැන ගත යුතුය. නමුත් සාමාන්‍ය මනුශ්ෂ්‍යයන්ට මෙන් බලවත් කාමයන් මොවුන් (සෝවාන් පුද්ගලයන්) සතුව නැති අතර සතර අපාගාමි වන අන්දමේ කාමරාඝ සහ පටිඝයන් ද නැත. එමෙන්ම ඔවුන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ අපහසුය. එබැවින් සෝවාන් ඵලයේ පිහිටියෙකු පිළිබඳව ඔවුනට කාමයන් විඳීම කැපද යන ගැටළුව විමසීම නිෂ්ඵල වේ.

සකදාගාමී (සකෘදාගාමී) ඵලයට පත් යමෙක් වේද ඔහු හෝ ඇය එක් වරක් පමණක් මෙලොව උපදියි. බොහෝ සෙයින් මොවුන් කාමරාඝයන් සහ පටිඝයන්ගෙන් වෙන් වී ඇත, එනමුත් ඒ සම්පූර්ණයෙන් ම නොවේ. මේ අවස්ථාවේදී ඒවා බොල්, තුනී වී ඇත. මොවුන් බොහෝ සේ ප්‍රිය කරන්නේ භාවනානුයෝගීව කාලය ගත කිරීමටයි. එමෙන්ම තම පවුල් වලින් බොහෝ සෙයින් ඇලීම් රහිතව වෙසෙයි. දරු මුණුපුරන්, ස්වාමි පුරුශයන් හෝ බිරිඳ හෝ පවුල හෝ රැකියාව යන මේ දේවල් පිළිබඳව නොබැඳෙයි; ඒවා කෙරේ නොඇලෙයි; ඕනෑම අවස්ථාවක අත හරියි. ඒවායෙන් දුරස්ව සිත දියුණු කරමින් භාවනානුයෝගීව හෝ දැහැමිව කාලය ගෙවයි. එමෙන්ම ගිහියෙකු ලෙසින් විසීම ද අපහසු කරුණක් වේ. නමුත් ඇලීම් අඩු බැවින් ගැටළුවක් කර නොගනී. මක් නිසාද යත් කාමරාඝ හා පටිඝ බොල් වී ගොස් ඇති බැවිණි.

මේ නිසාවෙන් යමෙක් සකදාගාමී අයෙක් පිළිබඳව ඔහු හෝ ඇය නිසාවෙන් ඔවුනගේ ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ එම ආර්‍ය පුද්ගලයන් නිසාවෙන් අසරණ වන්නේ දැයි විමසයි නම්, ඊට දිය හැකි පිළිතුර වනුයේ, එම ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ පවුලේ සාමාජිකයන් හෝ කර්මානුරූපීව තමන්ගේ කර්ම ඵලයන් ගෙවීමක් වශයෙන් එවන් ආර්යයන් සමග විසීමට සිදු වී ඇත යනුවෙනි. එවන් ආර්යයන් සමග දුකසේ ගිහි ගෙය විසීමට සිදු වන්නේ නම් ඒ ඔවුන්ගේ කර්මයන් පල දීමක් ලෙසින් පැහැදිලි කර ගත යුතුය.

මග ඵල ලාභීහූ තමන් මේ මේ තත්ත්වයේ සිටින බවක් ප්‍රකාශ නොකරයි. කරයි නම් ඒ තම කම්මට්ඨානාචාරීන් හෝ අනුගාමිකයන් අතරේ පමණකි. එසේ නොමැතිව සාමාන්‍ය මිනිසුන්ට දැනුම් දේ නම් ඔවුන් සෝවාන් මාර්ගයේවත් පිහිටා නැති බව දත යුතුය. මන්දයත් එවන් ගමනක් යන තැනැත්තා ඒවා හෙළි නොකරන බැවින් හා සක්කාය දිට්ටිය දුරලමින් හෝ දුරු කර ඇති බැවින් හා සාමාන්‍ය මිනිසුන් ඒ ගැන අවබෝධයකින් නොබලන නිසාවෙන් හා උම්මත්තකයන් ලෙසින් හංවඩු ගැසීමට පෙළඹෙන නිසාවෙන්.

එසේ නම් අද සමාජයේ සිටිනා සිවුරු පොරවාගත් තමන් සකෘදාගාමී කියා ගන්නා, නැතහොත් ආරිය සිංහල ඇඳුම අඳිමින් සපත්තු දමා දුම්වැටි උරනා තමන් මෛත්‍රීය බුදුන් යැයි කියා ගන්නා, නැතහොත් තමන් සෝවාන් භාවය ලැබූ බව කියා ගන්නා ශාකසාර දන්තාලේප හා සබන් නිශ්පාදනායතනයක අධිපති වරයන් ගැන කිනම් කතා ද? ඔවුන් හුදෙක් ආර්‍ය මාර්ගයෙන් බොහෝ දුරින් වෙසෙනා අන්ත අසරණ වූ පුද්ගලයන් පමණකි.

Tuesday, January 31, 2012

"චතුරගේ මතක අහුර" බ්ලොග් අඩවියේ රචනා වුනු "ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?" යන ලිපිය වෙනුවෙන් මා විසින් පළ කරන ලද අදහසක් මෙසේ ලිපියක් ලෙසින් ගෙනහැර දවනු ලැබේ.

සමාජය ගැන තීරණය කරන්නට තමන්ගේ පවුලට හෝ ඥාතියෙකුට අනුන්ගෙන් සිද්ධ වුනු වැරදි, අඩු ලුහුඬු කම්, අතපසු වීම්, අත් වැරදීම් ආදිය යොදා ගැනීමෙන් සිද්ධ වෙන්නේ තමන්ට මෙන්ම අනුන්ටත් සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ඇති වීම පමණයි. මක් නිසාදයත් සමාජය කියන්නේ තමන්ගේ පවුලට පමණක් සීමා නොවුනු තවත් පුළුල් පරාසයක පැතිරුණු දෙයක් නිසාවෙන්.

ඒ වගේම තමන්ගේ පවුලට හැරුණු කොට තමන්ට යමෙකුගෙන් හෝ තමන්ගේ මිතුරෙකුගෙන් හෝ සුළු හෝ වරදක් සිදු වීම නිසා වසර ගණනක මිතුරු කම කටු ගා දමන්නට හෝ මකා දමන්නට පෙළඹීම නිසාවෙන් තමන්ට යම් දිනයකදී කිසිම මිතුරෙකු හෝ මිතුරියෙකු ඉතුරු වේ යැයි කියන්නට පුළුවන් කමක් නැති තරම්. මිතුරන් නෑදෑයන් අතරේ නොයෙක් අවස්ථාවන් වලදී ප්‍රශ්ණ, ගැටළු, හැල හැප්පීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවා දුර දිග නොගෙන ගොස් සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමයි වඩා වැදගත් වන්නේ.

යමෙක්ට තම සහෝදර සහෝදරියන් සිටිනවා නම් මේ තාක් කාලයක් ඔවුන් සමග එකම නිවසක ජීවත් වීමේදී එකිනෙකා අතර අඩ දබර, ගැටුම්, හිත් අමනාපකම් අනන්ත වාරයක් සිදු වන්නට පුළුවන් බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නම් නෙවෙයි. ඒත් ඒ අඩ දබර ඇති වූ පමණට ඔවුනොවුන්ව මග හරිමින්, ඔවුන්ගෙන් ඈත් වී සිටි බවක් මතකයට එනවාද කියන ප්‍රශ්ණයත් ඇසිය යුත්තක්. මන්දයත් තම සොයුරු සොයුරියන් සමග ඇති වන අමනාපකම් නිසා ඔවුනොවුන් ජීවිතයෙන් ඈත් කරගෙන එකට ජීවත් වෙන්නට හැකියාවක් නැති නිසා. නමුත් සමහර උදවිය තමන්ගේ දැඩි ප්‍රතිපත්තීන් හේතුවෙන් තමන්ගේම ලේ නෑයන්, හිතවතුන් සදහටම ජීවිතයෙන් ඈත් කරගෙන සතුටින් ඉන්නට පෙළඹෙන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් වටිනාම දේ නම්, ගැටළු නිසා එකිනෙකා අමතක නොකිරීමයි. සමහර විට දුරම හතුරා ලඟම මිතුරාට වඩා අනාගතයේදී තමන්ට වැදගත් වෙන්නටත් හැකියාවක් තියෙන නිසා.

ඒ නිසාදෝ මන්දා යාළුවන්ටත් ඒ මිම්මෙන්ම සමහරුන් සලකන්නේ. කෙනෙක්ගේ කළණ මිත්‍රයෝ කවුරු හරි අනිවාර්යෙන්ම කෙනෙක්ට එපා වෙන විදියට හැසිරුනහොත් අනිවාර්යෙන්ම ඒ කෙනා මිතුරන් අමතක කරන්න සූදානම් වෙන්නටත් ඉඩක් තිබෙනවා. මන්දයත් ඒ කෙනා ජීවිතේ සතුටින් ගත කරන්නට හිතමින් බැඳීම් අඩු කර ගන්නා ආකාරය ඒ තරම් සුභදායක නොවන නිසා. මිනිස්සු වැරදි කරන බව ඇත්තක්. නමුත් සමහර වැරදි අමතක කර දමනා තරමට හිතට සැහැල්ලුවක් දැනෙනවා. කෙනෙක් වරදක් කලාට අපිත් ඒ කෙනාට ඒ වරදම කරන එක හරිද? ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ? 

වෙනකෙකුගෙන් තමන්ට සිද්ධ වුනු වැරැද්දක් දැඩිව, මහා පරිමාණයෙන් හිතේ තියාගෙන දවස්, සති, මාස ගණන් හිටියට තමන්ගෙන් වෙනකෙකුට මොන වගේ වැරදි සිද්ධ වෙනවාද, වූවාද කියලා නිකමටවත් හිතා බලන්නට ඔයාලට මතක් වෙනවාද? හිතන්නට පුළුවන් නම් තමන් නිසා දුක් වුනු යාළුවෝ තමන්ගේ ජීවිතේදි ඉඳලා නැතිද කියලා? ඒකට ආගම්, ජාති, ස්ත්‍රී, පුරුෂ භේධයක් නැහැ. අපිට හැමදාම අපි කැමති අයුරේ කාවවත් ආෂ්‍රය කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අපි ලඟ තිබෙන දෙවල් පරිස්සම් කර ගන්නේ නැතුව අපි ලඟ කවදාවත් නොතිබුනු දෙයක් ගැන හීන මව මව ඉන්නවා නම් ඒකේ ඇති පලය මොකද්ද? 

මේ හිතන්නට ඉඩ කඩ බොහෝ සෙයින් තියෙන දෙයක්. මිනිසුන්ව ආශ්‍රය කළ යුතුයි. තමන්ගෙ ජීවිතේට තර්ජනයක් නම් හැරෙන්න අත නොහැරිය යුතුයි. මන්දයත් ලෝකය කියන්නේ ඉගෙන ගෙන නතර කරන්න පුළුවන් දෙයක් නොවීම. තනිකඩව ලෝකයේ ජීවත් වෙන්නට ගන්නා උත්සාහය වරදක්, නරකක් කියා නොකිය යුතුයි. නමුත් තනිකඩව ජීවත් වීම හිතූ තරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව තේරුම් ගත යුතුයි. කිසිම දවසක තමන් ගැන හිතන කිසි කෙනෙක්ගේ අතින් වැරදි වුනු පමණට ඒ අයගෙන් දුරස් වෙන්නවත්, නරක මිතුරෝ කියා හංවඩු ගහලා කොටු කරලා සලකන්නවත් පුරුදු නොවිය යුතුයි. අපි ජීවත් වෙන්නේ තවත් සුළු කාල පරිච්ඡේදයක්. ඒ කාලය ආතරතුරේදී ඔය දේවල් වලින් හිත පුරුව ගන්නවාට වඩා පුරවා ගන්නට බොහෝ දෑ ඇති බවත් ඔප්පු වී තිබෙනවා. තමන්ගේ වැරදි අඩු පාඩු හේතු කර ගනිමින් අනුන්ට දොස් පැවරීමත් නොකළ යුත්තක්. පුළුවන් හැම වෙලාවකදිම සතුරන්ටත් මෛත්‍රී කරන්න. එදාට මේක කියවන හැමෝම සමාජෙට අවශ්‍ය හොඳ මිනිසුන් වේවි. එසේ නොවුනහොත් රොබෝවන් වන් හැඟීම් දැනීම් නැති මිනිසුන් බිහි වේවි. සිතන්නට ඔබට බාරයි.

Monday, January 30, 2012

1972 එනම් 70 දශකයේදී ලෝක සංගීත ක්ශේත්‍රයේ අති දැවැන්ත නාමයක් ලොව පුරා පතුරවමින් එකතු වුන ඇබා සංගීත කණ්ඩායමේ ගීතයක් ගැනයි අද මගේ ලිපියෙන් මම පල කරන්නට යන්නේ. අදටත් ජනප්‍රිය බොහෝ ගීත අතුරෙන් මේ පල කිරීමට යන්නේ කාටත් අසන්නට නොලැබුන ඔවුන්ගේ සිත් ඇද ගන්නා සුළු මනහර ගීතයක් සහ එහි මට සිතෙනා අන්දමින් මවිසින් පල කරනා සිංහල තේරුමයි. "Slipping through my fingers" යනුවෙන් නම් වුනු මෙම ගීතය ඇබා සංගීත කණ්ඩායම විසින් නිම කර ඇත්තේ 1981 දී එනම් 80 දශකයේදී ඔවුන් විසින් නිකුත් කරනු ලැබූ "The Visitors" යන ගීත ඇල්බමය වෙනුවෙනි.

මෙම ගීතයේ සඳහන් වෙන්නේ මවක් තම දියණිය වේගෙන් උස් මහත් වීමත්, ඇය පාසල් යෑම නිසා දෙදෙනාටම එකට ගත කරන්නට ලැබෙන කාලය මඳ වීම පිළිබඳ එම මවගේ සිතේ ඇති වෙන කණගාටුව ගැනයි.

Schoolbag in hand, she leaves home in the early morning
Waving goodbye with an absent-minded smile
I watch her go with a surge of that well-known sadness
And I have to sit down for a while

පාසල් බෑගය ද අතින් ගෙන උදෑසනින්ම නිවසින් පිටවෙන ඇය, අත වනන්නේ බොහෝ දෑ මග හැරුණු බව හඟවන සිනාවකිනි. ඇය යන දෙස මා බලා සිටින්නේ, රළ පහරක් සේ පැමිණෙන සුපුරුදු වූ දැඩි කණගාටුවෙනි.

The feeling that I'm losing her forever - And without really entering her world
I'm glad whenever I can share her laughter - That funny little girl

ඇගේ ලෝකයට නොගොස් ඇයව සදහටම අහිමි වන්නා සේ දැනේ. ඒ හුරතල් කෙල්ලගේ සිනහව බෙදා ගන්නටවත් හැකි හැම විටකදිම ලැබීමත් එක්තරා සතුටකි.

Slipping through my fingers all the time - I try to capture every minute
The feeling in it - Slipping through my fingers all the time

මගේ දෑඟිලි වලින් ගිලිහෙන ඒ හැම මොහොතක්ම අල්ලා ගන්නට වෑයම් කරන්නේ, හැම මොහොතෙම මගේ දෑඟිලි වලින් ඇය දුරස් වෙන බව දනිමින්.

Do I really see what's in her mind - Each time I think I'm close to knowing
She keeps on growing - Slipping through my fingers all the time

ඇගේ හිත තුල ඇත්තේ කුමක්දැයි මා දැන ගන්නට ලං වෙතත්, ඇය මගේ දෑඟිලි වලින් නිතරම ගිලිහෙමින් උස් මහත් වෙමින් වැඩේ.

Sleep in our eyes, her and me at the breakfast table - Barely awake, I let precious time go by
Then when she's gone there's that odd melancholy feeling - And a sense of guilt I can't deny

නිදිබර දෑසින් අවදිව ඇයත් මාත් උදෑසන මේසය මතදී ගතවූ කාලය යන්නට ඉඩ දුන්නද, ඇය නිකම යාමෙන් අනතුරුව ඇත්තේ දුක්මුසු ස්වභාවයකුත් මා අතින් වරදක් වූවා දෝ යන හැඟීමකි.

What happened to the wonderful adventures - The places I had planned for us to go
Well, some of that we did but most we didn't - And why I just don't know

මා නුඹ හා යන්නට සැලසුම් කළ ඒ අපූර්ව වූ ගමන් වලට කුමක් සිදුවුනිද? ඉන් කීපයක් පමණක් අප ගියමුත් එවන් අවස්ථා ගිලිහුණ වාරයන් බොහෝ වූයේ කිමදැයි මා නොදනිමි.

Slipping through my fingers all the time...
Sometimes I wish that I could freeze the picture - And save it from the funny tricks of time
Slipping through my fingers...

සමහර වෙලාවට හිතෙනවා දෑතින් ගිලිහෙන ඒ සුන්දර අවස්ථා සිතුවමක් ලෙසින් නොයෙක් උපක්‍රම යොදා ගනිමින් නවතා ගන්නට හැකි වූවා නම් කියා...


පහලින් ඇත්තේ මේ සුන්දර වූ ගීතයේ වීඩියෝ පටයකි. එය ගායනා කරන්නු ලබන්නේ ඒ ඇබා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විසින්මයි.

Friday, January 27, 2012

හැමෝටම ලැබුවාවූ 2012 අවුරුද්ද සාර්ථක සුභම සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම කැමතියි 2012 අවුරුද්දේ මගේ බ්ලොග් අඩවියේ මුල්ම ලිපිය පටන් ගන්න. ගිය අවුරුද්දේත් වැඩි යමක් පල කරනන් බැරි වුන නිසාවෙන්ම මේ වතාවේ ඉඳලාවත් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න කියලායි හිතාගෙන ඉන්නේ. කාර්ය බහුලත්වය නිසා සිද්ධ වෙන අතපසුවීම්, ඇතිවෙන කම්මැලිකම් නිසා බ්ලොග් එක දිහාවට එන්නවත් හිතෙන්නේ නැති තරමටමයි පහුගිය කාලෙදි ඉන්න සිද්ධ වුනේ.

ඉතින් මේ අවුරුද්ද සමහරුන්ට තීරණාත්මක අවුරුද්දක් වෙන එකක් නේ. මොකද, කියන හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විසි එක් වෙනිදාට ලෝක විනාශයත් සිද්ධ වෙන්න තියෙනවනේ. ඒත් ඉතින් මට නම් එහෙම දෙයක් වෙන බවක් පේන්න නෑ. මොකද මම ඔය විකාර විශ්වාස නොකරන නිසා. ඕනෙම කෙනෙක්ට ඕන මතයක් පල කරන්න නිදහස තියෙනවා වගේම ඒවා විචාරශීලී බුද්ධියෙන් යුතුව පිළි ගැනීමට හෝ නොගැනීමටත් කාට කාටත් නිදහසක් අයිතියක් තියෙනවා.

කොහොම නමුත් ඔය කියන ලෝක විනාසේ වගේ දේවල් ගැන වැඩි අවධානයක් මිනිස්සුන්ට යොමු කරන්න හිතුවිල්ලක් ආවා නම් ඒ 2009 වසරෙදි නිකුත් වුන 2012 කියන හොලිවුඩ් චිත්‍රපටය නිසාවෙන් තමයි. නැත්තම් අපේ උන්දැලා මායාවරුන්ගේ අනාවැකියක් අහලාවත් තිබුනාදෝ කියලා සැකයක් මතු වෙනවා. ලොකු විනාසයක් වෙලා මිනිස් සංහතිය නැති වෙන එක වෙන්න නම් තව කාලාන්තරයක් ගත වේවි. ඒත් මේ වසරේ ඉඳන් ගොඩක් නරක සිද්ධීන් සිදුවෙන, නරක කාලයක් ඉදිරියට උදා වෙන්නට පුළුවන් බව කෙනෙක් සමග පෞද්ගලිකව කරපු සාකච්ඡාවකදී දැන ගන්නට ලැබුනා.

ඉතින් කවදා මොන විනාසේ වුනත් අපි අපේ හිත් හරියට හදාගෙන ඉන්න තරමට ඕනෙම දවසක ඕනෙම විදියකට මැරෙන්න සූදානමකින් ඉන්න එක තමයි වටින්නෙ. මොකද අන්තිමට කොයි මොහොතේ කොයි විදියට අපිට කොහේ යන්න වේවිද කියල දන්නෙ නැහැ නේ. අන්න ඒ නිසා කවුරු කවුරුත් තම තමන්ගේ උත්සාහයෙන් මේ අවුරුද්දේ ඉඳලාවත් තමන් සතු, තමන්ට තිබුනු, තමන්ට ලැබෙන්න තියෙන හැම දෙයක් ගැනම වැඩි ඇලීමකින් තොරව, වැඩි බලාපොරොත්තු තියා ගන්නේ නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් තමයි වටින්නේ.

ඉතින් ආයෙ වතාවක් මේ අවුරුද්දේ පළමු ලිපියේ අවසානයේදී ඔයාලා හැමෝගෙම හැම හොඳ වැඩ කටයුත්තක්ම සාර්ථකත්වය කරා පැමින දියුණුවෙන් දියුණුවට පැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Sunday, September 4, 2011

මේ කතාව ලියන්න හිතුනේ බොහෝම කාලෙකට පස්සේ මම මගේ බ්ලොග් අඩවියට ආව වෙලාවේ. ගොඩක් කාර්ය බහුල වෙලා හිටපු නිසාවෙනුයි මේ පැත්තේ ඉස්සර තරම් එන්න බැරි වුනේ. ඉතින් කොහොමෙන් කොහොම හරි මේ ලිපියෙන් කියන්න යන්නේ මෑතකදී අපේ ගෙදරට සිද්ධ වුන, වෙමින් පවතින දෙයක් ගැන. හැබැයි ටිකක් හිතා ගන්න අමාරු විදියේ සිද්ධියක්. මේකට හේතු භූත වන දෙයක් හොයා ගන්න මම තාමත් නොයෙක් අයගෙන් විස්තර අහනවා. ඒත් ඒ අතරෙදියි මට මගේ බ්ලොග් අඩවිය මතක් වුනේ. ඒ නිසා ඔන්න බොහෝම කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් කෙරුවාව පටන් ගන්න මම අද හිතුවා මේ ලිපිය එක්කම.

මේ කාරණාව වුනේ මෑතකදී අපේ ගෙදර මිදුලේ පොඩි අලුත් වැඩියාවක් සිද්ධ වුනු දවසේ ඉඳලා පසුවට ගත වුනු සති කිහිපය ඇතුලතදීයි. ඇත්තෙන්ම කියනවා නම් අපේ මිදුලේ බිමට සිමෙන්ති ගඩොල් ඇල්ලීමක් මීට සති කිහිපයකට උඩදී සිද්ධ වුනා. එතැන් පටන් මේ වුනු දේ මට ඇසින් දකින්නට අවස්ථාවක් නොලැබුනත් අම්මා මට මේ බව කියන්නට යෙදුනා. ඒ දවසේ පටන් අවස්ථා හතරකදී අපේ මිදුලේ ස්ථාන තුනකදී වෙනස් ආකාරයේ මල් පැල හතරක් පොලිතීන් උර වල පස් දමා සිටුවා තිබූ පරිද්දෙන්ම හමු වීමයි මේ උභතෝකෝටික වගේම විශේෂ කාරණාව.

මේ සිදුවීම් වල තියෙන සමානකමත්, තිබෙන ගුප්ත කමත් නිසාවෙන් මේ ගැන මගේ හිතේ වැඩි පැහැදීමක් නම් ඇති වුනේ නෑ. මොකද මේ වගේ දෙයක් අහන්නට ලැබුණු පළමුවෙනි අවස්ථාව මෙය වීම. ඒ වගේම අනිත් හේතුව තමයි වෙනත් තැනකින් ගැලවූ, කඩා දැමුනු පැළ හමු නොවී පොලිතීන් උර වල දමා හිටවූ පැළ ලෙසින්ම හමු වීම. ඒ වගේම මේ කාරණාවෙදි සලකලා බලන්නට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මන්තර, ගුරුකම්, හදි හූනියම් වගේම කොඩිවින පිළිබඳව තියෙන සාමාන්‍ය දැනීම.

මට මුලින්ම මේ දේ ඇහුණ විගසින්ම සිහියට ආවේ ලැබුණු පැළ ජාතීන් ගැන නම් නෙවෙයි. ඒත් ඒවා පොලිතීන් උර වල හිටවලා තිබුණු පස් ගැන නම් පොඩි සැකයක් පහල වුනා. ඒ සැකේ මොහොතකට කලින් කියපු කොඩිවින සම්බන්ධයෙන් හිතට ඇති වූවක්. මිනී අළු වතු වල සතර කොනේ ඉසීම වැනි හූනියම් ක්‍රම ගැන අසා තිබෙන කරුණු නිසා මේ ගැන සැක පහල වුනා. මන්දයත් පැළ සිටුවීමට ගත් පස් වලට මිනී අළු මිශ්‍ර කර ඒවා සිටුවා මිදුලේ කවුරුන් හෝ විසින් තබා ගියා වීමටත් ඉඩ ප්‍රස්ථාවක් තිබෙන්නට පුළුවන් නිසාවෙන්.

ඉතින් මේ උභතෝකෝටිකය විසඳීම තමයි මීළඟ ගැටළුව වෙලා තියෙන්නේ. මේ ගැන අම්මා විසින් පවුලේ හිතවතෙකුගෙන් කරුණු විමසලා තිබෙනවා. ඒ අය නම් පවසලා තියෙන්නේ මේ පිළිබඳව කිසි අයෙකුට නොපවසන ලෙසටත්, ඒ පැළ දෙවියන් ලබා දුන් දේවල් ලෙසත්. ඉතින් ඒ කතාවෙන් මට පැහැදිලි වුනේ එය ඒ තරම් සාදාරණ ප්‍රකාශයක් නොවනා බව. මොකද දෙවියන් පැළ විකුණනා ලෑලි හෝ කඩ වලින් පැළ පොලිතීන් උර පිටින්ම සොරකම් කරගෙන විත් අපේ නිවසේ තැන්පත් කරන්නේ නැති නිසාත්, දෙවියන් සොර සතුරන් නොවන නිසාත්, සොරුන් නොවූවත් මුදල් ගෙවා පැළ ගෙනැවිත් අපේ මිදුලේ තැන්පත් කරන්නට තරම් අඩු බුද්ධියකින් යුත් ජීවී කොට්ඨාශයක් නොවන නිසාත් යන කරුණු.

ඉතින් මේ සම්බන්ධයෙන් අපේ සිංහල බ්ලොග් පාඨකයන්ගෙන් කරුණු විමසන්නට මම බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධියට කුමක් සම්බන්ධ වෙන්නට පුළුවන්ද? මේ හූනියමක්ද? කොඩිවිනයක්ද? නැති නම් දේවාශිර්වාදයක් වැන්නක්ද? තීරණය ඔබට භාරයි.

Sunday, April 3, 2011

Congratulations! Sri Lanka. Though you couldn't bring the World Cup back to your mother, you have become the greatest champions whose name is carved in golden lettering on the World Cup. It is quite difficult to be the champions and also the best losers. So we are the champions from those who have lost so far in this series. Because we know you guys have the biggest strength compared to any other. The only thing is that this day is not for us but for somebody else. We have lit the crackers to mark your victory for getting into the finals and for the victory you have achieved being the best competitors even this day. 'Cause we know that if it were held here you could have lifted the World Cup. Wish you all the very best for all the Lion Hearts who have been battling for the victory to the top most level.

We had a hope that you would bring the glory back to the country. But when it is not fulfilled it means not that we have lost that glorious moment from our hands. Competitions are everywhere. But the best part of them is to share either the victory or the defeat in a humble manner. We are not going to burn out our lions' dens. Because we are the only nation that practices the hospitality, non-violence and the kindness in the general sense since our birth. It is not a big shame to lose for a neighboring nation but it was an opportunity to show the world the talents of this shining pearl and our Lions.

Whatever you bring the country tomorrow, we don't care, as our hearts have not broken yet for just another defeat. Try until you win. Because all the good work can be done only by passing thorn-filled paths and the hard work. It means not that the winners have reached there effortlessly. Otherwise you shouldn't be in this finale being a competitive threat to the other.

Thank you very much for making our nation proud farther once again by giving away great memories in this glorious and historical battle. Games always teach us one great thing. Those who lose someday, will rise again with the victory held in their fists.

Saturday, March 19, 2011

මාතෘකාව දැක්කම නම් හැමෝටම හිතෙන්න පුළුවන් මේ ලිපිය හරිම අසභ්‍ය ගණයේ ලිපියක් වෙන්න ඇති කියලා. මොකද මාතෘකාවෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ වගේ දෙයක් කියලා හිතන නිසාවෙන්. ඇත්තෙන්ම ඒක එක අතකට නිවැරදියි. ඒ වගේම එක අතකින් වැරදියි. මොකද මේ කියන්න යන දෙය අසභ්‍ය දේවල් කරන අය වෙනුවෙන් ලියැවෙන ලිපියක්. මේ ලිපියට අදාළ වෙන මූලාශ්‍ර පහුගිය කාලයේදී නිතර අහන්න දකින්න ලැබුනා ඔයාලට මතක ඇති. විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ වගේම අන්තර්ජාල සන්නිවේදන හරහාත් බොහෝමයක් දෙනාට දැක දැන ගන්නට ලැබුණු දෙයක් හැටියටයි මේ ගැන කියන්න තියෙන්නේ. කාර්යබහුලත්වය නිසාම මේ ලිපිය ලියන්නට සිද්ධ වුනේ ඒ ප්‍රවෘත්තිය බෙහෙවින්ම කියවුනු කාලයත් පහු කරලායි. ඒත් එයින් සිද්ධ වුනු හානිය හරි, හොඳකම හරි ගැනයි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ.

ලිපියේ මාතෘකාව දකිද්දී ඔයාලට හිතුන දේ යම් තරමක් නිවැරදියි. මේ මාතෘකාවට අඩංගු වෙන්නේ යම්කිසි බැන වැදීමකදී කියවෙන ආකාරයේ වචන කිහිපයක්. මේ වචන කිහිපය පහුගිය කාලයේදී සමහර නිවෙස් වලින්ම අහන්න ලැබෙන්නත් ඇති. සමහර විට ඔයාලගෙන් කාගෙ හරි ගෙදරකින්ම වෙන්නත් පුළුවන්.

ඇත්තෙන්ම මේ ලිපිය ලියැවෙන්නේ අන්න ඒ බැන වැදීම් වලට ලක් වුනු උදවිය පිළිබඳවයි. මෑතකදී ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනු එක්තරා ප්‍රවෘත්තියක් තමයි අසැබි, ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සහ චායාරූප වලට පෙනී හිටි කාන්තා, පිරිමි දෙපාර්ශවයේම ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කොට පොලීස් භාරයට පැමිණෙන ලෙසට කළ ප්‍රචාරය. මේ හේතුව නිසා සාධාරණය ඉෂ්ඨ වුනු වගේම තවත් අගාධයට ඇද වැටුණු බොහෝමයක් ඒ ඡායාරූප අතරේ ඉන්නට ඇති. මන්දයත් ඒ සියළුම පුද්ගලයන් මෙරට පුරවැසියන් වීමත් ඒවා රට පුරාම ප්‍රචාරය කිරීමෙන් ඔවුනොවුන්ට සිදු වන අපකීර්තිමත් වළාවෙන් ඈත් වන්නට කිසිසේත්ම ඉඩ ප්‍රස්ථාවක් මින් මතුවටත් නොලැබීම නිසා.

මේ වීඩියෝ පට වගේම ඡායාරූපයන් කැමරාගත කරන්නට හේතු වන කාරණා කීපයක්ම සඳහන් කරන්නට පුළුවනි. එක් කාරණාවක් මාගේ කලින් ලිපියකිනුත් සඳහන් කරන්නට යෙදුනා. ඒ තමයි අන්තර්ජාලය හරහා ස්කයිප් වැනි මෘදුකාංග ඔස්සේ සිදු වෙන වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, වීඩියෝ පට ආශ්‍රිත ඡායාරූප මෙන්ම එකිනෙකා හුවමාරු කර ගන්නා අතිශය පෞද්ගලික ඡායාරූපයන්.

එම ලිපියෙන් නොකියවුණු කරුණු කාරණා බොහෝමයක් ගැනත් මෙතනදී මතක් කරන්නට පුළුවන්. එක් දෙයක් තමයි පෙම්වතුන් දෙදෙනෙකු හෝ ලිංගික වෘත්තිකයන් සමග හෝ ලිංගිකව හැසිරෙන අවස්ථාවන් වලදී ජංගම දුරකතන මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, එම ලිංගික කාර්යයට සම්බන්ධ දෙපිරිසගේම කැමැත්ත පරිදි හෝ එක අයෙකුගේ පුද්ගලික කැමැත්ත මත හෝ, ද්වේශ සහගත පළිගැනීමක් නිසාවෙන් හෝ අන්තර්ජාලයට මුදා හැරීම වගේම සංයුක්ත තැටි මගින් සමාජය පුරා බෙදා හැරීම වගේ දේවල්. නමුත් සමහර අවස්ථාවන් වලදී එවන් අවස්ථාවන් වලදී ලබා ගන්නා ජංගම දුරකතන වීඩියෝ පට හෝ ඡායාරූප, තමාගේ නොදැනුවත්කමින් හෝ අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයන් වෙත සංසරණය වීම සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට හෝටල් කාමරයක මධුසමය ගත කරනා යුවලක් ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡායාරූප, ඒ යුවලගේ අනුදැනුමකින් තොරව, ජංගම දුරකතනය පිළිබඳව අවධානය යොමුව නැති විටකදී හෝටල් කාමරය පිරිසිදු කිරීමට පැමිණෙනා පුද්ගලයින් අතට පත් වීම වගේ කරුණු. ඒ වගේම සහකරුවාගේ හෝ සහකාරියගේ දැනීමකින් තොරව හොර රහසේ ලබා ගන්නා වීඩියෝ දර්ශන පවා මේ කාරණාවට සම්බන්ධ වීම.

මේ වගේ ඕනෑම අවස්ථාවකදී සිදු වෙන්නේ අදාල පුද්ගලයන්ගේ තත්ත්වය සහ පැවැත්ම සම්පූර්ණයෙන්ම වතුරේ ගසා ගෙන යාමක් හා සමාන දෙයක්. මෑතකදී පල වුණු ප්‍රවෘත්ති ඔස්සේත්, ජනමාධ්‍ය ඔස්සේත් හෙළි කළ, ඒ ආකාරයෙන් පැතිරී ගොස් තිබුණු අසභ්‍ය වීඩියෝ පට වල පෙනී සිටි සමහර දෙනාගේ ප්‍රකාශයන් වල තිබුනේ ඒවා තමන් නොදැනුවත්ව ලබා ගත් දේවල් ලෙසටයි. කෙනෙකු බිය වද්දවා, කළ රූපගත කිරීම් පිළිබඳවත් අදටත් ප්‍රවෘත්ති විකාශයන්ගෙන් අසන්නට ලැබෙන දෙයක්. නොදැනුවත්කම නිසාවෙන් හෝ සිද්ධ වෙන අසම්මත ලිංගික හැසිරීම්, නානාප්‍රකාරයේ කණ්ඩායම්, ගණිකාවන් සපයන්නන් විසින් හොර රහසේ ඡායාරූපගත කරලා ඒ ඡායාරූප අදාල තරුණියට හෝ තරුණයාට පෙන්වා බිය වදා ඔවුන් සදාකාලික ලිංගික සේවකයන් බවට පරිවර්තනය කළ බවට පුවත් වල සඳහන් වුණු අවස්ථා ඔයාලටත් අහන්නට ලැබිලා ඇති.

දෙමාපියන් අමාරුවන් හරි හම්බ කල දේවල් උපකාරක පංති වලට යට කරලා ඒ පංති වලටත් නොගිහින් පෙම්වතුන් පෙම්වතියන් එක්ක හිතේ පදමට සැරිසරලා අන්තිමේදී තමන්ගේම කිට්ටුවන්තයින්ගේ ගොදුරු බවට පත් වෙලා මේ වගේ දේවල් වලට පැටලීමම එක්තරා පැතිකඩකින් ඒ අය ලබන දඬුවම විදියටත් අර්ථකතනය කරන්න පුළුවනි. මේ වගේ දෙවල් වලට ගොදුරු වෙන්න කලින්ම මේ ගැන හිතලා වැඩ කිරීම, මට, ඔයලාට වගේම මේ මුළු සමාජයේම ජීවත් වෙන හැම දෙනාටම හැම අතින්ම වාසිදායක වේවි. ඒ නිසාවෙන් වල්මත් බවෙන් දුරස් වෙන්න පුරුදු පුහුණු වීමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.

Thursday, March 17, 2011

මෙම ලිපිය පෙර ලිපියට ඌණ පූර්ණයක් සපයනු වස් ලියැවෙන්නක්. ඒ වගේම පෙර ලිපියට පැමිණි පාඨක අදහස් වලට පිළිතුරු වශයෙනුත් දිග හැරෙන ලිපියක් ලෙසද සැලකිය හැක.

බුදු රජාණන් වහන්සේ කිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳව මෙන්ම නොකිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳවත් දේශණා කොට තිබෙනවා. ඒ අතරම, කිරීම හෝ නොකිරීම හෝ තමන් සිතැඟි පරිද්දෙන් කිරීමට බාධාවක් නැති බවටත් සඳහන් කර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එය තුන් කල්හිම සත්ත්‍ය වනවා මෙන්ම එය අකාලික ධර්මයකුත් වෙනවා. ඒ අකාලික ධර්මයේ සඳහන් බොහෝමයක් දෑ තමන්ගේ නුවණින් යුතුව අවබෝධ කරගත යුතු, පැහැදිලි කරගත යුතු දෑයි. යමක් කරන්නට කලින් සිතා බැලිය යුත්තාක් මෙන් කරනා ඕනෑම දෙයක් පසුපස ඒවායේ විපාක හෝ ආනිසංස පැමිණේ.

බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මිනිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න පහදා දෙන්නට නොවේ. බුදු කෙනෙකුන් වැනි දුර්ලභ වස්තුවක් ලොවට පහල වන්නේ ලොවේ සදාකාලිකවම පවතින චතුරාර්‍ය සත්ත්‍ය ධර්ම නැවතත් ඉස්මතු කොට අවබෝධ කොටගෙන අන් සත්ත්වයන් කෙරේ දයාවෙන් යුතුව ඔවුන්ද මේ සංසාරයෙන් එතෙර කරවීම සඳහායි. ඒ ගමනේදී උන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝමයක් දෑ කිරීමෙන් ඇතිවන ආනිසංස හෝ විපාකත්, යම් යම් දෑ නොකිරීමෙන් ඇතිවෙන ආනිසංස හෝ විපාකත් සඳහන් කර තිබෙනවා. බුද්ධිමත් මිනිසුන් හෝ වේවා මෝඩ මුග්ධයින් මිනිසුන් වේවා, තිරිසනුන් වේවා, තම සිතේ ඇතිවෙන ඕනෑම ආශාවක් තෘෂ්ණාවක් ලෙසින් අර්ථ දක්වන්නට පුළුවනි. බුදු දහම අප අපේ ජීවිත වලට යොදා ගත යුත්තේ ආශාවන් පසු පස හඹා යන්නට නොව ආශාවන්ට ඇති ඇල්ම, ලොල් බව අඩු කර ගැනීමටයි. මෙම ආශාවන් ඕනෑම දේකට අදාළයි. ඕනෑම දෙයක් සම්බන්ධව ඇති වී නැතිවී යා හැකියි. ඒ සදාතනික සත්‍යයක් වන සියළු දේ අනිත්‍ය යන්න මොනවට පැහැදිලි වන අවස්ථාවක්.

මිනිසත් බවක් ලබා උපදින්නට ඇති හැකියාවත්, පහසුකමත් බෙහෙවින්ම අඩු බැවිනුත්, බුද්ධෝත්පාද සමයක සත් බවක් ලබා උපත ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණාවක් බැවින් ඒ වකවානුව ඇතුලත තම ජීවිතය අර්ථවත් දේවල් සඳහා යොමු කිරීමයි වැදගත් වෙන්නේ. මන්දයත් සසර ගමන කෙටි නොවූවක් නිසා. දීර්ඝ වන සසර ගමන දුක් සහිත බැවින්, කටුක බැවින් එය කෙටි කර ගැනීමට කළ හැකි සියළු උත්සාහයන් දැරීමට මිනිස් ආයු කාලය නිමා වන්නට ප්‍රථමයෙන් කටයුතු කළ යුතුව තිබේ. අද විනෝද වී හෙට මියෙන්නට, අද ලැබිය යුතු සැප සම්පත් සියල්ල ලබාගෙන හෙට මිය යන්නට කැමති පිරිසක් වුවද කර ගන්නේ සසර ගමන කෙටි කර ගැනීමක් නොවේ දිගු කර ගැනීමක්. එයට තමන් උපන් දා සිට මැරෙන තුරාවටම කරන කියන සියළුම දෑ වල බලපෑම පවතී.

සසර බැඳ තබන සංයෝජන ධර්ම 10 ක් පිළිබඳව බුදු රජුන් දේශණා කොට වදාරා තිබෙනවා. බුදු දහම, ඒ බැමි 10 එකින් එක ලිහන්නට උත්සාහ දරනවා වෙනුවට ආශාවන් ඔස්සේ හඹා ගොස් තෘෂ්ණාව හරහා කෙලෙස් අන්ධකාරයේ තනි වන්නට මග පෙන්වන දහමක් නොවේ.

බුදු දහමේ විවාහයට පෙර ලිංගික ඇසුරක් පවත්වා ගැනීම හෝ නොගැනීම පිළිබඳව සඳහන් කිරීමක් සිදු වෙලා නැති වන්නට පුළුවනි. මාගේ දැනීමට අනුව, එසේ ප්‍රකාශ කිරීමත් වරදකි. නමුත්, බුදු දහම ලොව ඇති වීමටත් පෙර සිටම පැවති පෙහෙවස් සමාදන් වීම් හා අදාළ පංචශීලය බුදු රදුන් විසින් දේශණා කොට වදාළේ එය වැරදි වලින් මිනිසුන් ඈත් කොට තැබීමේ මූලිකම අඩිතාලම නිසා විය හැකිය. එයිනුත් තෙවැනියට සඳහන් ශික්ෂාව, විවාහයෙන් පසු තමන්ට අනයත් සහකරුවන් හෝ සහකාරියන් සමග කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකන ශික්ෂණය ඇති කිරීමට බෙහෙවින් උපකාරී වේ. නමුත් එහි ඇති එකම අර්ථය එයම පමණක් නොවන බව හොඳින් වටහා ගත යුතුය. එයින් සඳහන් නොකරන දෙය තුරුම්පුවක්, සහනදායී පිළිවෙතක් හෝ මාර්ගයක් කර ගැනීම සියළු දෙනාටම බොහෝ ලිංගික චර්යාවන් පහසුවෙන්ම සාධාරණීකරණය කරන්නට උපකාරී වන්නට ඇත. එනම් විවාහයට පසු අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා කොට තිබීම විනා විවාහයට පෙර අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා නොකොට තිබීම ලෙසින් වැරදි කොනකින් ධර්මය අල්ලා ගැනීමයි.

විපාක සහ ආනිසංස ගැන මැනවින් පැහැදිලි කර දී කළ යුත්ත සහ නොකළ යුත්ත තීරණය කිරීමේ නිදහස බුදු දහමින් මිනිසාට ලබා දී ඇත. ඕනෑම අයෙකුට බුදු දහම අධ්‍යයනය කිරීමට බාධාවක් නැත. ලිංගික ආශාවන් හෝ වෙනත් ඕනෑම ආශාවක් හෝ වේවා ඒ කුමන ආශාවක්ම ඇලීමක් දක්වා වර්ධනය වන්නට ගත වන්නේ ඉතාමත් සුළු මොහොතකි. බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්ත්ව සමයේදී සොළොස්වන වියෙහිදී විවාහ පත් වීමට ප්‍රථම, කාන්තාවන් සමග හෝ යශෝධරාවන් සමග රමණයේ යෙදුනු බවක් බෞද්ධ ඉතිහාසයේ හෝ, බුද්ධ චරිතයේ හෝ අට්ඨ කතාවල හෝ සඳහන් වී නැතැයි මා සිතනවා. යමෙක්, සොළොස් විය ලිංගිකාශාවන් සපුරා ගැනීමට සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතය උදාහරණයට ගන්නේ නම් එවන් තර්කයක් ඉදිරිපත් කිරීමට සුදුසු බුද්ධියක් ඔහු සතුව අනිවාර්යෙන්ම මඳ විය යුතුය; බුද්ධ චරිතය පිළිබඳව ඇති අවබෝධය හා දැනුම මඳ විය යුතුය. මන්දයත් සිද්ධාර්ථ කුමරුන් සොළොස්වස් විය සපුරන්නේ සියළු ශිල්ප ශාස්ථ්‍රාදීන්ගෙන් හෙබි රජ කුමරෙකු ලෙසිනි. අදට එම කරුණ අපට ආදේශ කර ගත හැකිද? නැතහොත් විදේශයන්ගේ සිටිනා සොළොස් විය සැපිරූ තරුණ තරුණියන්ට සම කළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක්ද පැන නගී.

"කාමේසුමිච්ඡාචාරා වේරමණී.." යන්න "නිවන් මග එලි කරන ආර්ය ධර්මය!" අඩවියේ ලිපියක විවරණය කොට ඇති පරිදි බුදු රජුන් විසින් දේශණා කොට ඇත්තේ,

“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” යන ලෙසිනි.

"බුදු සරණ අන්තර්ජාල කලාපය" ක විවරණය කොට ඇති පරිදි කාම මිත්‍යාචාරය සිදු වන්නට සැපිරිය යුතු කරුණු 4ක් ගැන සඳහන් කොට ඇත. ඒවා නම්,
1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

ලිංගික ඊර්ෂ්‍යාවකින් පෙළීමට කිසිදු අවශ්‍යතාවක් මා හට නොමැත. ඒ මක් නිසාද යත්, වෛශ්‍යාවන් සමග නොමිලේම ලිංගික සේවනයන්ට මාගේ මිතුරන්ගෙන් මා ලද ආරාධනාවන් මා විසින් ප්‍රතික්ශේප කළ අවස්ථා බොහෝමයක් තිබූ නිසාවෙනි. ඊර්ෂ්‍යාවක් හට ගත යුත්තේ තමාට නැති, අනුන්ට ඇති සැපතක් හෝ වස්තුවක්, දායාදයක් තමන්ට නොමැති වීම හේතුවෙන් හිතේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව හට ගන්නා සිතුවිලි හා ද්වේශයන් අරමුණු කොට ගෙනයි.

කරන කියන හැම දෙයකටම සිත පදනම් වන නිසාවෙන් කිසිදු දෙයක් බුද්ධ ධර්මයෙන් බැහැරව අර්ථ දැක්වීමට නොහැකි බවත් සිහියෙහි තබා ගත යුතුය. බුදු දහම යනු පරලොව සෙත සලසන ධර්මයක් පමණක් නොවන බවත් සිහි ගැන්විය යුතුයි. බුදු දහමට අනුව ජීවත්ව සිටිනා කාලය තුරාවට රැස් කරනා කුසලාකුසල කර්ම පරලොව තීරණය වන්නට පිටිවහලක් වේ. ඒ කුසලාකුසලයන් ගෙවන ජීවිතයද සාර්ථකව ගෙන යාමට උපකාරී වේ. එහෙයින් වඩාත්ම බුදු දහමේ සඳහන් වී ඇත්තේ මෙලොව ජීවිතය සැපවත් කර ගන්නා ආකාරය පිළිබඳවයි. මෙලොවදී වැපිරූ බීජයන්ගේ ඵලදාව මෙලොවදීත්, පරලොවදීත් ලබන්නට උදව් වෙන එකම දහම බුදු දහම පමණකි.

Tuesday, March 15, 2011

මගේ කලින් ලිපියත් සමග මේ ලිපියත් සම්බන්ධයි. මොකද ඒ ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාරත් ගොඩක් වැඩියි. ඉතින් මට හිතුනා ඒ පාඨක ප්‍රතිචාර වලට මගෙන් ලැබුණු පිළිතුරු ප්‍රතිචාර එකතු කරලා වෙනමම ලිපියක් පල කරන්න. මේ ලිපිය ආරම්භ වෙන්නේ අන්න ඒ විදියට ලැබුණු පිටිවහලකින්.

සමහරු හිතනවා ඇඟේ පතේ වෙහෙස දුරු කර ගන්න තියෙන එකම තුරුම්පුව ලිංගික තෘප්තිය ලැබීම කියලා. ඒ වගේම විවාහයට පෙර ලිංගික තෘප්තිය ලබන්න තියෙන එකම ක්‍රමය ගැහැණු ළමයෙක් එක්ක ඒ සතුට බෙදා ගන්න එක කියන දේයි. ඒ දේ කරන අයට මේ ලිපියෙන්වත්, මගෙන්වත්, කාගෙන්වත් බාධාවක් නෑ. මොකද සතුට කියන දේ සාපේක්ෂයි. ඊටත් වඩා සතුට කියන දේ තාවකාලිකයි. ඔය ලබන තාවකාලික සතුට නිසා විඳින්න වෙන සදාකාලික දුක ගැන ඔය කොයි කවුරුත් ඕවා කරද්දී නම් හිතන්නේ නැති වගත් මතක් කරන්නට ඕනේ. ඕනෑම දෙයකට බලපාන එකම සාධකය සිතුවිලි විතරමයි. ඒ සිතුවිලි එහෙමත් නැත්නම් චේතනාවන් පහළ වෙන්නේ තමන් සතුව තියෙන අත්දැකීම්, පුරුදු, ජීවත් වෙන වටපිටාව, ආශ්‍රය කරන පිරිස වගේ දේවල් බොහෝමයක උදව්වෙන්. සමහර විට තමන්ගේම බිරිඳ, දුව, සැමියා, පුතා ලිංගික සේවකයන් බව දෙමාපියන්ගේ වැටහීමක් නොතිබෙන්නට පුළුවන්. කොහොමත් ඕවා කියලා කරන දේවල් නෙවෙයි නේ.

කෙනෙක්ට කියන්න පුළුවන් පෙම්වතුන්ට එකිනෙකාගේ කැමැත්තෙන් හොඳ ලිංගික අධ්‍යාපනයක් සහිතව එකිනෙකා අතරේ එකතුවීම, බෝඩිමකට ඇවිල්ලා කිරීමේ වරදක් නැහැ කියලා. නමුත් ඔය දේට බෝඩිම් විතරක්ම අවශ්‍යත් නෑ. ඒත් කියන්න තියෙන දෙයක් තියෙනවා. විවාහයකට කලින් පෙම්වතුන් දෙපලේම අයිතිය තියෙන්නේ, භාරකාරත්වය තියෙන්නේ, ඔවුනොවුන්ගේ දෙමාපියන්ටයි. ඒ කියන්නේ විවාහයක් වෙන තාක් ඔවුනොවුන් අනුන්ට අයිති දේවල් විදියටයි සැලකෙන්නේ. එහෙම ඉන්නා ගැහැණු ළමයෙක් හෝ වේවා, පිරිමි ළමයෙක් හෝ වේවා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සිද්ධ වෙන එකතුවීම් වලින් සිද්ධ වෙන්නේ පවක් මිසක් හොඳක් නම් නෙවෙයි. කුමරි කුමර බඹසර හැසිරෙනවා කියලා දෙයක් තියෙන්නේ අන්න ඒ නිසයි. බුදු දහමට අනුව නම් විවාහ දිවියේදී අන්‍ය ස්ත්‍රී පුරුශයන් සමග අනියම් සබඳතා පැවැත්වීම වරදක් වෙනවා වගේම දෙයකුයි කුමරි කුමර බඹසර බිඳිනවා කියලා කියන්නෙත්.

මම මේ කල්පනා කරන්නේ ඇයි මිනිස්සු මේ දුරාචාරී දේවල්ම, ජීවිතේ නාස්ති වෙන දේවල්ම සහ ලිංගිකත්වය සම්බන්ධ දේවල්ම අත් හදා බලන්නේ කියලා. ඔය අත් හදා බැලීම් හොඳ දේකට පාවිච්චි කරා නම් නරකද?

නමුත් අපි හිතමුකෝ ගැහැණු ළමයෙක් තමන්ගේ පිරිමි ළමයව කවදා හරි බඳින හැඟීමෙන් ඔය දේ සිද්ධ වුනාය කියලා. ඒත් කාටද කියන්න පුළුවන් ඒ ප්‍රේම සම්බන්ධය විවාහෙට කලින් බිඳ වැටේවිද කියලා. එතකොට මොන ආකාරයක හරි ලිංගික සම්බන්ධතාවක් පවත්වලා තියෙන කොට ගැහැණු ළමයෙක්ට ඒ මානසික තත්ත්වයෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වේවි කියලා හිතන්න පුළුවන්ද? මේ දේ පිරිමි ළමයෙකුට නම් කොහෙත්ම බලපාන්නේ නෑ. මොකද ගෙවල් වලින් පිරිමි ළමයින්ගේ නම්බුව ආරක්ශා කරන්නේ නැහැනේ. ගැහැණු ළමයින්ටත් පිරිමි අඟ පසඟම තිබුණා නම් ඉතින් ඕකේ බය වෙන්න දෙයක් නෑ. එතකොට රැකෙන්න නම්බුවකුත් නෑ නේ. අනික මේ දේවල් 21 වෙනි සියවසේ වුනත් නැතත් කවදටත් වලංගු දේවල්. හිත පාලනය කර ගන්න පුළුවන් කෙනයි නියම ජයග්‍රාහියා වෙන්නේ.

ඇත්තටම එහෙම කරන අය ගැන මගේ වෛරයක් නෑ. තරහවකුත් නෑ. ඇත්තම කියනවා නම් දුකයි. එක අතකින් කෙනෙක්ගේ නම්බුව කෙලෙසෙනවා. එහෙමත් නැතිනම් කෙනෙක්ගේ ආසාවන් හමුවේ තවත් කෙනෙක් රැවටෙනවා. මේවා මෙහෙම දකින්නේ සුචරිත කණ්නාඩියක් දමාගෙන ඉන්න නිසා කියලා හිතන්න එපා. කෙනෙක්ගේ සතුටට ඊර්ෂ්‍යා කරනවාත් නෙවෙයි. මොකද මම ඊර්ෂ්‍යාව පුරුදු කරපු කෙනෙක් නෙවෙයි. මට නොලැබෙන දෙයකට වග කියන්න ඕනේ මම මිසක වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අනුන්ට තියෙන මට නැති සතුටක් නිසා මම වෙන කෙනෙක්ට වෛර කරන්නෙවත්, ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ; ඒ වැඩක් නැති නිසා. ඒත් මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්තේ මෙහෙම දේවල් ගැන හැමෝටම මතක් කරලා දෙන්නයි. ඒ වගේම මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දැකලා නැති අයට ටිකක් ඒ ගැනත් පෙන්නලා දෙන්නයි. ඇත්තෙන්ම කීවොත් මම ආස්‍රය කරන සමහරු ඉන්නවා මේ වගේ දේවල් අහලවත් නැති. ඒ මොකද තමන් වටේ ඉන්න සුචරිතවත් යාළු මිත්‍රාදීන්ගෙන් විතරක් ඒ අය ලෝකය දකින නිසා.

මේ ලිපිය කියවන සමහරු විවාහකයි. ඒ නිසා දැන් මේ කියපු ගොඩක් දේවල් ජීවිතයේ අත්විඳලා ඇති. සමහර විට තවමත් අත්විඳිනවා වෙන්නත් පුළුවන්. ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ. කොහොම නමුත් මම සිල් රෙද්දක් පොරවන් කුපාඩිකම් ඔක්කොම කර කර වැදි බණ කියන්න හැදුවා නෙවෙයි. ඇත්තෙන්ම මම එහෙම කරන්නෙත් නෑ. මම මේ දේවල් ගැන සාකච්ඡාවට ගෙනාවේ මගේ සීමාවේ ඉඳලා. මම නොකරන දෙයක් ගැන, අනුන් කරන, ඒ වැරදිය කියලා මම හිතන දෙයක් ගැන අනිත් අයගේ අදහස් මොන වගේද කියලා සාකච්ඡාවට ලක් කරන්නයි මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ සතුටු වෙන්න ලබන්න, කරන්න පුළුවන් බොහෝමයක් දේවල් අතරට මේ ලිපියේ තියෙන දේවලුත් අඩංගුයි. ඒත් එයින් පරිබාහිරව සතුටක් ලබන්න පුළුවන් ක්‍රම විධි බොහෝමයකුත් තියෙනවා. ඒ ගැනත් මතක් කරගන්න ඕනේ.

ලිංගික තෘප්තිය, අඩියක් ගහලා ලබන තෘප්තිය විතරමද සැබෑ තෘප්තිය කියන ප්‍රශ්ණාර්ථය මම ඉතුරු කරන්න කැමතියි. කරන කෙනා විතරයි ඒකේ හැබෑ රසය දන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම කරන අය මේ ලිපිය හෙළා දකින්නත් පුළුවන්. කරන අයට මම බනින්නෙත් නෑ. නොකරන අයට කරන්න කියන්නෙත් නෑ. හැමෝටම බුද්ධියක් උපතින් ලැබිලා තියෙන්නේ මිනිසුන් හැටියට හිතලා මතලා වැඩ කරන්නයි. ඒ නිසා වින්දනය පස්සේ නොයන පිරිසක් ඇති වුනොත් මේ සමාජෙට ලොකු සම්පතක්, සැපතක් වේවි.

ලිංගික තෘප්තිය ඒ තරමින්ම අත්‍යවශ්‍යයි නම්, ස්වයං වින්දනය වගේ දෙයකින් ඔය දේ පිරිමහ ගන්නට විවාහෙ වෙනකන් බැරි ඇයි? ඔය දේ කරගන්න වාරු නැතිවද විවාහයකට කලින් ගැහැණු ළමයින් එක්ක එකතු වෙන්නේ? ඒ දේටවත් වාරු නැතිනම් විවාහයට පෙර හෝ පසු හෝ වේවා ස්ත්‍රියක් සමග එකතු වෙන්නත් වාරු තියෙන්න හැකියාවක් නැති විය යුතුයි. අර කියමනකුත් තියෙන්නේ විවාහ වුනු කොල්ලන්ට විහිළුවට කියන "අද ඉඳන් අතට නිවාඩු" කියලා.

අනිත් දේ තමයි සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය කියන දේවල් අතෑරියොත් ඒ දේවල් නැති තිරිසනුන් ගානට අපිත් ඇද වැටෙන එක. තිරිසන්නු වගේ ජීවත් වෙන්නද මිනිසත් බවක් ලබලා ඉපදුනේ? සතුට නිසා ඕවා කරලා අන්තිමට පරලොව ගිහින් තිරිසනුන්ම වෙන්නද කල්පනාව? මේකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නෑ ලිංගික තෘප්තියක් ලබන එක තිරිසන් ආත්මයක් ලබන විදියෙ පවක් කියල. ඒත් නිවැරදිව යමක් කරනවා නම් තිරිසන් ජීවිතයක් ලබන්නත අවස්ථාවකුත් ලැබෙන එකක් නැති වේවි. අනිත් දේ තමයි ශරීරයේ තියෙන ප්‍රධානතම ලිංගික අවයවය මොළය කියන එක. ඒක වෛද්‍යවරුන්ගේ මතයක්. ඒකම මේ හැම ප්‍රශ්නෙටම පිළිතුරු සපයාවි.

කාට හරි කියන්න පුළුවන්ද මේ 21 වෙනි සියවස වෙලත්, ඇයි අපි වෙසක් එකට තාම කූඩු, තොරන්, සැරසිලි හදන්නෙ, කරන්නෙ කියලා? ඒ වගේම සිංහල අලුත් අවුරුද්දට නැකැත් වලට අනුව වැඩ කරන්නේ කියලා? විවාහ වෙද්දි ස්තෝත්‍ර කියන්නෙ කියලා? සංස්කෘතියක් සදාචාරයක් අනවශ්‍යයි නම්, පරණ සදාචාරයක් අදට හරි යන්නේ නැති නම්, හණමිටි අදහස් නම්, ඕවත් මහ හණමිටි දේවල්. ඕව ඉස්සර තිබුනු නමුත් තාම කරන දේවල්.

කෙනෙක් ප්‍රශ්ණයක් ඉදිරිපත් කරා එක අවස්ථාවක පටාචාරා බුදුන් දකින්න ගියා නම් අද කාලේ ගැහැණු අඩ නිරුවතින් පන්සල් යාම සාධාරණයි නේද කියලා. ඇත්තෙන්ම මම හිතන්නෙ නෑ පන්සල් එන හැමෝම පටාචාරල, කිසාගෝතමීල වගේ ජීවිතේදි තනි වෙලා, අසරණ වෙලා, පිස්සු වැටිලා ඇඳිවතවත් නැතිව පිස්සු විකාරයෙන් දුවන් එන කාන්තාවො කියලා. අනික පටාචාරලා, කිසාගෝතමීලා බුදු හාමුදුරුවො ගාවට ආවේ බුදු හාමුදුරුවන් සමග රමණයේ යෙදෙන්න හිතාගෙන නෙවෙයි. ඒත් අද කාලෙ ගැහැණු අය ගැන නම් විශ්වාසයක් නෑ. කොහොමත් එහෙම එන කෙනෙක්ව දූෂණය කරනවා වෙනුවට රෙදි කඩකින් හරි පොරවලා, කන්න බොන්න දීලා, සලකන්න මිනිහෙක් වුනාම පුළුවන් කමක් තියෙන්න ඕනේ.

අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කිසාගෝතමී, පටචාරාවනුයි අද කාලේ නාභිය, රහස් ස්ථාන පෙන්නන, කලවා පෙන්නන්න දගලන කාන්තාවන්ට සමාන කිරීමත් වරදක්. කොටින්ම අපි නමටවත් සංස්කෘතියක් කියල දෙයක් විශ්වාස කරලා ඒ දේවල් වලට පදනම් වෙලා කටයුතු කලේ නැත්නම් අපි සහ තිරිසනුන් අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක තමා, සංස්කෘතිය නීතියක්නොවීම. ඒක ඕනෙ කෙනෙක්ට කැමැත්තෙන් පිලිපදින්න පුලුවන් ආචාරධර්ම පද්ධතියක්. ඒ නිසා මේ දේ 100% ක් මේ විදියටම විය යුතුයි කියලා කියන්න බෑ. නමුත් ඒක පිලිපදින කොට අපි දැන ගන්න ඕනෙ ඒක හරි විදියට කරන්න.

උදහරණයක් විදියට සමහරු හිතන් ඉන්නවා සිංහල සංස්කෘතිය කියන්නේ කාන්තාවන්ට කලිසම් අඳින්න දෙන්නෙ නැති, කාන්තාවන්ට ඕනෙ කරන පහසු ඇඳුමක් අඳින්න දෙන්නෙ නැති දෙයක් කියලා. නමුත් සිංහල සංස්කෘතිය කියන්නේ ගැනුන්ට ඇඟ වැහෙන්න, වසා ගන්න ඕන තැන් වසාගෙන යන්න කියලා මිසක් කැමති ඇඳුමක් අඳින්න එපා කියලා කියන ආචාර ධර්ම පද්ධතියක් නෙවෙයි. කලිසමක් උනත් ඔනෑවට වඩා හිර නැතුව අඳිනවා නම් ඒකෙ ප්‍රශ්ණයක් නෑ. කාන්තාවන්ට කලිසම් අඳින්න කිසි තහනමක් නෑ. ඒත් කලිසම් අඳින කාන්තාවන් දැන ගත යුතුයි උඩුකය වැසෙන්නට දිග යමක් අඳින්නට. මොකද දිගට නොඇන්දොත් වාඩි වෙන ඕනෙම අවස්ථාවකදී ඉනෙන් ඉහල ඇඳුම එසවිලා පශ්චාත් භාගය, ඉන, නාභිය දර්ශනය වෙන්නට පුළුවන් නිසා. ඒ නිසා සංස්කෘතිය කියන්නේ ගොන් හණමිටි නීති ගොඩක් නෙවෙයි. ඒ අපි හිතල බලල තැනට සුදුසු විදියට පිලිපදින්න ඕනෙ දේවල්.

හොඳයි කියලා කියන්න පුලුවන් ධර්මධර, විනයධර භික්ෂූණ් වහන්සේලා අද හොයන්න නැති තරම්. ඒත් නැතුවමත් නෙවෙයි. බුද්ධ පුත්‍රයො කෙසේ වෙතත්, තමන් කැමති දෙයක් ඇඳගෙන පාරෙ යන්න ගැහැණුන්ට අද බැරි වෙලා තියෙන්නෙ පිරිමින්ගේ දූෂමාන වුනු හිත් නිසා කියලයි කියන්න තියෙන්නේ. කවද හරි අංගුලිමාල කෙනෙක් වුනොත් තමන්ගේ අම්මගේ ඇඟිලි කපා ගැනීම කෙසේ වෙතත් අද කාලෙ නම් දූෂණය කරලවත් තමයි නවතින්නෙ. පන්සලකට යා යුතු පිළිවෙළක් තියෙනවා. වෛවාරණ, විච්චූරණ ඇඳුම් ඇඳලා පන්සල් යන සිරිතක් නම් නෑ. බුදු රදුන් තරමින් කෙලෙස් ප්‍රහීන නොකළ පෘතග්ජන භික්ෂූණ් වහන්සේලායි අද බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වුණු පාරිභෝගිකමය, වන්දනාමය සිහිවටන රැකීමට පන්සල් වල වැඩ වාසය කරන්නේ. ඒ නිසා එවැනි ස්ථාන වලට යාම සංවර ඇඳුමකින් සැරසී යන්න තරමටම නීති රෙගුලාසි මගින්ම මිනිසුන් යොමු කරන්න සිද්ධ වෙලාත් තියෙනවා.

කොහොම නමුත් මගේ මේ ලිපියෙන් ගොඩක් දෙනාගෙ හිත් රිදුනොත්, ඒ හැමෝම මේ දේ සාධාරණීකරණය කරන්නේ නම් ඒකේ අර්ථය, තමනුත් එහෙම වින්දනය ලැබීම වෙන්න පුළුවනි. ජීවත් වෙලා ඉන්න කාලේ හිතේ තද කරන් දුක් විඳින්නේ නැතිව ඒවා ඇති පමණට සපුර ගන්න උත්සාහ කරන උදවියට වැඩියෙන්ම මේ ලිපිය පහරක් වේවි. මගේ කලින් ලිපියකත් මම කියල තිබුනා බොන්න එපා කිව්වම පන්සිල් පදයකුත් වෙනස් කරපු යාළුවෙක් ගැන. ඒ "සුරාමේරය මජ්ජ පමා දට්ඨානා.." සිල් පදයේ තේරුම මද පමණින් ගත්තාට වරදක් නැහැ කියන විදියටයි. ඒ නිසා වින්දනය හොයාගෙන යන ගමනක නෙවෙයි අපි ඉන්නෙ. එහෙම හොයන අයට "කාමේසු මිච්ඡාචාරය.." මද පමණින්ම ඉෂ්ට කර ගත්තාට වරදක් නෑ කියලා හිතුනොත් පුදුමයක් නෙවෙයි.

අභ්‍යන්තරිකව හරි බාහිරින් හරි ලිංගිකව එකතු වුනත් ලැබෙන්නෙ වින්දනයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ ආශාවන් වැඩි කිරීමක් නේද? ඕක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් තියෙනවද කියලත් අහන්න කැමතියි.

අපි ජීවත් වෙනවා නෙවෙයි මරණයට ලං වෙනවා කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන් කරන කියන දේ තමන්ගෙ පසුපසින් එන හැටි ගැන අමුතුවෙන් කිව යුතු නෑ. බුදුන්ගේ ධර්මය වෙනස් කරන්නත් ඕනෙම කෙනෙක්ට පුළුවන්, තමන්ගේ සතුට වෙනුවෙන් බුද්ධ චරිතයේ එන එක එක සිද්ධීන් මතු කරලා. බුදු රජාණන් වහන්සේ සතුට ලැබිය යුතු ආකාරය දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒවායෙන් ලැබෙන ආදීනව වගේම විපාකත් පෙන්නලා දීලා තියෙනවා. වාද විවාද කරනවාට වඩා වින්දනයට ඉඩ දීල ජීවිතේ තාවකාලික සතුටක් ලබල ඉතිරිය නාස්ති කර ගන්නවාද කියලා හිතන්න ඔය හැමෝටම බාරයි.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.