ඇත්තෙන්ම මගේ මේ සම්බන්ධ කලින් ලිපියෙන් මම කියන්න උත්සාහ ගත්තේ අපේ රටේ තියෙන දේවල් පහත් කරලා සැලකීම නම් නෙවෙයි. ඇත්තෙන්ම අපේ රටේ දේවල් වලට අපි ආදරේ කරන්න ගන්න ඕනේ ඔය වගේ දෙවල් නිසා. නැතුව පිට රටකට ආවඩන එක නෙවෙයි සිද්ධ වෙන්න ඕනෙ. මොකද ඉන්දියාවේ මිනිස්සු තමන්ගේ රට ගැන හරිම ආඩම්බරයි වගේම පම්පොරි ගහනවත් වැඩියි නේ.
ෆිල්ම්ෆෙයා සම්මාන උලෙලෙදිත් වීර් සාරා වගේ හැමෝවම ඇඬෙව්ව චිත්‍රපටයක රංගන වෙනුවෙන් ශාරුක් ඛාන්ට හොඳම නළුවා සම්මානය නොදී, එයාගෙම ස්වදේශ් චිත්‍රපටයේ චරිතයට ඒ සම්මානෙ ලැබුනෙත් ඒ හින්දාම වෙන්නත් පුළුවන්. ඇයි චක්දේ ඉන්ඩියා එකත් ඔය දේම තමා. තමන්ගේ රටට ඒ රටේ අය ඕනෙවාටත් වඩා ප්‍රේම කරනවා. කලින් ලිපියට ඇවිල්ලා තිබුණු පාඨක අදහසක් වුණේ, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම තරඟයක් පැරදුනොත් ගෙවල් කුඩු පට්ටම් කරලා විකාර කරන හින්දා අපේ ලංකාවේ අය හොඳ බව ඒ අතින්. ඔව්. ඒක නම් මම ඉස් මුදුනින්ම පිළි ගන්නවා. ඒත් මේ කතා කරන්නේ සමස්ථයක් හැටියට අපේ රටේ සිනමාවට ඉහල තැනක් ලැබෙන්න ඕනෙ කොහොමද කියන එකයි.
ඇත්තටම නළු නිළියන්ගෙත් වරදක් නෑ. හොඳ දක්ශතාවන් තියෙනවා අපේ අයගේ. ඒත් නිර්මාණ වලින් ප්‍රේක්ෂකයෝ අතරේ රජ කරන්න තරම් ජනප්‍රසාදයක් ඇති කර ගන්න ඒ හින්දාම අපේ නළු නිළියන්ට අද බැරි වෙලා තියෙනවා. භාතිය සන්තුෂ්ලා අපේ රටේ කීර්තිය නංවන්න පිට රටවල ගිහින් සිංදු කියලා සම්මාන ගත්තා. සෙන්ටිග්‍රේඩ් අය පවා. අනිත් අය තමයි අපේ ක්‍රිකට් කණ්ඩායමත් සමහර චිත්‍රපට දෙක තුනකුත්. ඒත් ඒකෙන් විදේශීය ඇහැ අපි දිහාට වැටුනද? ඒක නිකන් හුලඟට ගියා වගේ නේ. කෙනෙක්ට කියන්න පුළුවන් අපේ රටේ නළු නිළියොන්ට ප්‍රේක්ශකයෝ දෙවියොන්ට වගේ සලකද්දි එයාලා උඩ යන්න පුළුවන් බවත්, නිකමට කොළඹට එන මාර්ගත් අවහිර වේවි කියලා ඒ බොහෝ දෙනාගේ පදින්චිය කොළඹ නිසා. ම්ම්... ඒත් එහෙම වුණා නම් ශාරුක් ගෙදරින් එළියට නොබැහැ ඉන්න තිබුණ නේද මාර්ග තදබදය කියල?
නළු නිළියො ගැන අපි මහා ලොකු විශ්වාසයක් ඇති කර ගන්න ඕනෙ නෑ. අපි එයාලගේ රඟපෑම් බලන්න ඕනෙ, විවරණය කරන්නත් ඕනෙ. එයාලගේ පුද්ගලික ජීවිත මොන වගේ වුණත් ඒක අපිට වැඩක් නෑ. මොකද අපි එයාලව තම තමන්ගේ ගෙවල් වල එක්කන් යන්න තරමේ පිස්සුවක්, මේනියාවක් ලංකාවේ ඇති වෙලා නැහැ නේ. අපි ආදරය කරන්න ඕනේ රංගන ශිල්පියෙකුගේ කුසලතාවට මිසක් චරිතයට නෙවෙයි. ශාරුක් අම්බානක් සිගරට් බොනවාය කියලා එයාගේ රඟපෑමට වෛර කරන අය හොයා ගන්න අමාරුයි නේ. අන්න ඒ වගේ. මිනිස්සු වුනාම සිනමාවට, නළු නිළියන්ට, චිත්‍රපට වලට, සම්මාන උළෙලවල් වලට ආසාවක්, මේනියාවක් තියෙන්නත් ඕනෙ. නැත්තන් මිනිස්සු නෙවෙයිනේ. හැබැයි මහා ලොකු මේනියාවක් නෙවෙයි. මෝඩ නොවී නිවි හැනහිල්ලෙ තියා ගත යුතු මේනියාවක් තිබුණම හොඳටම ඇති. අපි කවුරුත් රහත් වෙලා නැහැ නේ තාම.
අපේ රටේ චිත්‍රපට, ටෙලි නාට්ය, ඇඳුම් පැලඳුම්, පසුබිම් ආලෝකකරණය වගේ දේවල් හොඳින්, විචිත්‍රවත්ව තියෙනවා නම්, තිර රචනාව වගේම කතාවත් හොඳ නම්, වාණිජමය වගේම වටිනා නිර්මාණයකුත් වෙනවා නම්, ඕනෙම කෙනෙක්ගේ හිත ඇද බැඳ තියා ගන්න බැරි නෑ. අද කාලෙ ඔය ඉන්දීය ටෙලි නාට්‍ය වලටත් මිනිස්සු ආස ඒකනේ. ඒත් හොඳක් තියෙනවා කියන්න, සිංහල මෙගා ටෙලි නාට්‍ය වලට අපේ අය ගොඩක් නැඹුරු වෙලා නිසා අපේ දේවල් වලට වහ වැටුනු බවකුත් පේනවා. එයිනුත්, නව පන්නේ නළු නිළියො ඉන්න කතා. මොකද තරුණ පරම්පරාව වල් මත් නොකරන ආදර්ශයක් ලැබෙන කතාවල් නිසා සමහරක් ඒවා. ඉතින් සිනමාවෙත් අළුත් මූණු වගේම, හැම තාක්ෂණික උපායකින්මත් අපේ සිනමාව ඉහලට අර ගන්නත්, සිනමාව සම්බන්ධ උත්සවයන්, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උත්කර්ශවත්ව තියෙනවා නම්, බැබැලීමක් ලබන එක අමාරු වෙන එකක් නෑ. අවශ්‍ය උත්සාහයක් විතරයි. නළු නිළියන්ව දෙවියො වගේ කරාට, එයාලා අපිව රටෙන් නෙරපන්නෙ නැහැනේ දෙවියො වුනාය කියලා. ප්‍රේක්ශකයෝ ඉන්නකම් එයාලගේ වැටීමකුත් නෑ.